තරුණියක් සිය පෙම්වතා සමඟ මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී පැරණි පෙම්වතා ඇය බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතරමඟ දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අක්මීමන පොලීසිය සදහන් කළේ ඊයේ (14) රාත‍්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කදුරුදුව වර්ණ සංඥා පද්ධතිය අසළ දී මෙම පැහැරගෙන යාම සිදුව ඇති බවයි. පසුව පැහැර ගත් තරුණිය ගාල්ල සමනල ක‍්‍රීඩාංගණය ආසන්නයේ අතහැර දමා ගොස් තිබෙනවා. පසුව ඇය ඒ පිළිබදව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ බද්දේගම - ගිනිමැල්ලගහ ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මෝස්තර නිරූපිකාවක්.