-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


19 හැවිරිදි රොෂාන්තනි විජයකුමාර් නැමැති දමිළ පුවත්පත් මාධ්‍යවේදිණිය පසුගිය 13වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස්  ඇති අතර ඇය සතුව තිබූ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක්, ජංගම දුරකථනයක් සහ මුදල් සොරාගෙන ඇතැයි වාර්තා වේ.
පෙරවරු‍ 8.35ට පමණ කාර්යාලයට යමින් සිටියදී කොටහේන ජම්පටා වීඳිය බෝධිය අසළදී පිටුපසින් පැමිණි අයෙකු කිසියම් විෂ ද්‍රව්‍යයක් සහිත ලේන්සුවක් තමාගේ මුහුණට අල්ලා පැහැරගෙන ගිය බව ඇය කොටහේන පොලීසියට පැමිණිලි කර තිබේ.
එදින පස්වරු 4.30ට පමණ තමාට සිහිය ලැබුණ බවත් ඒ වන විට සිටියේ මට්ටක්කුලියේ බවත් අනතුරුව නිවසට ගොස් තමන් මුහුණ පෑ සිද්ධිය මවටද පවසා මව සමග පොලීසියට ගොස් ඇත.
සිහි මද ගතිය හා කතා කිරීමට අපහසු නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ  එම මාධ්‍යවේදිනියගෙන් රෝහලටද ගොස් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය  පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week