-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


එංගලන්තයේ නොටින්හැම්ෂයර්හි රෆර්ඞ් දේවස්ථාන නටඹුන් වෙත පාසල් විනෝද ගමනක් ගොස් සිටි 15 වියැති සිසුවෙක් අවතාරයක් ඡයාරූපගත කරන්නට සමත්ව ඇතැයි වාර්තා වේ.  පැරණි දේවස්ථාන ගොඩනැගිල්ලේ ආරුක්කුවක් අයි පොඞ් කැමරාවට හසුකරගත් කැමරන් හැමිල්ටන් නම් මෙම සිසුවා නිවසට ගොස් නිරීක්ෂණය කරන විට දැක ඇත්තේ සුදු කාන්තාවකගේ බොඳවී ගිය ඡයාවක් එහි සටහන්ව ඇති බවයි.

මේ දැකීමෙන් තමන් පුදුමයට පත්වූ බවත් අද්භූත දේවල් පිළිබඳව තමන්ට තිබූ විශ්වාසය තවත් වැඩිවූ බවත් කැමරන් පවසා තිබේ.  ඔහුගේ මව පවසා ඇත්තේ රෆර්ඞ් දේවස්ථානයේ පිහිටා ඇති උමගේ සිටින බව පැවසෙන අවතාරයක් කෙසේ හෝ ඡයාරූපගත කරගන්නා බව තම පුතු චාරිකාව යන්නට පෙර තමන් සමග පැවසූ බවයි.
මේ ඡයාරූපය දැකගත් පසු ඔවුන් එය රෆර්ඞ් නටඹුන් වල වගකීම දරන බලධාරීන්ට පෙන්වා ඇති අතර දේවස්ථානයේ සංචාරක තොරතුරු කාර්යාලයේ ප‍්‍රධානි ඩෙබී හිල්බර්ට් පවසා ඇත්තේ එය නිසැක වශයෙන්ම පැරණි ඇඳුමක් ඇඳගත් සුදු කාන්තාවක් දක්වන බවයි.  රෆර්ඞ් දේවස්ථානයේ සංචාරක සේවා කළමණාකරු ලින්ඩා හාඩිට අනුව මේ ආර්බෙල්ලා ස්ටුවර්ට් නම් කාන්තාවකගේ අවතාරයයි.

ආර්බෙල්ලා ස්ටුවර්ට් යනු 1වන එලිසබෙත් රැජිණගෙන් පසු බි‍්‍රතාන්‍ය කිරුළට අයිතිවාසිකම් කිවූ කාන්තවක් වන අතර ඇය සාහසික ලෙස ලන්ඩන් කුළුණේ නිරාහාරව රඳවා තබා මරා දැමූ බව ඉතිහාසයේ සඳහන් වේ.
සුදු කාන්තාවගේ අවතාරය මින් පෙරද කිහිපදෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර ඇගේ නමින් රෆර්ඞ් උයනේ ඇති රෝස මලක්ද නම් කර ඇතැයි වාර්තා වේ.  රෆර්ඞ් දේවස්ථාන නටඹුන් හොල්මන් අවතාර වලට ඉතා ජනප‍්‍රිය ස්ථානයක් වන අතර මින් සති කිහිපයකට පෙර අවතාර නිරීක්ෂණ කඳවුරක්ද එහි පැවති බව පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week