-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නීති විරෝධී ලෙස ගිනි අවියක්‌ පරිහරණය කරමින් පුද්ගලයකුගෙන් රුපියල් එක්‌ දහස්‌ පන්සියක්‌ සහ රුපියල් එකොළොස්‌ දහසක්‌ පමණ වටිනා ජංගම දුරකථනයක්‌ පැහැර ගත් පුද්ගලයකුට උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කළේය.

2005 වසරේ දෙසැම්බර් මස 05 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී වාලච්ෙච්න කල්කුඩා පාර ප්‍රදේශයේ පදිංචි යෝගරාජා සතිෂ් කුමාර් නමැති අයට මුදල් හා ජංගම දුරකථනයක්‌ ගිනි අවියක්‌ පෙන්වා බිය ගන්වා පැහැර ගෙන යැම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ පොලොන්නරුව මනම්පිටිය, මනම්තොට ප්‍රදෙAශයේ පදිංචි නෙල්සන් ආරච්චිගේ දයාරත්න නමැති විත්තිකරුට මෙලෙස සිරදඬුවම් නියම කෙරිණි.

නීතිපතිවරයා විසින් පොලොන්නරුව මහාධිකරණය හමුවේ විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කොට තිබිණි.

ඒ අනුව අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා විසින් මෙම නඩුව විශේෂ ගණයේ නඩුවක්‌ සේ සලකා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා උතුරු මැද පළාත්බද මහධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පත්කොට තිබිණි. ඒ අනුව පොලොන්නරුව මහාධිකරණය වෙත ගොස්‌ විනිසුරුවරයා ඉකුත් 06 වැනිදා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විවෘත අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක්‌ කළ විනිසුරුවරයා මේ වනවිට නීති විරෝධී අවි භාවිත කරමින් සිදු කෙරෙන සාපරාධී ක්‍රියා වැඩිවී තිබෙන අතර විවිධ සාපරාධි ක්‍රියාවල යෙදෙන්නන්ට මෙය මහඟු පාඩමක්‌ බව පැවැසීය. නීතියේ ප්‍රතිපාදන අනුව අධිකරණයට ලබාදිය හැකි උපරිම හා අවම දඬුවමද මෙය බවද හෙතෙම පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos