සේවයේ නිරතව සිටියදී ගංජා පානය කල මහනුවර පුද්ගලික මගී ප්‍රවාහන සේවයේ නියුතු රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසක් මහනුවර කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පාලනය වන මහනුවර බෝගම්බර පිහිටි පොරොත්තු බස් නැවතුම්පොළේදී මෙම පුද්ගලයින් අත් අඩංගුවට ගෙන් ඇත.
එහිදී ගංජා පානය කරමින් සිටි රියදුරන් දෙදෙනෙක් සහ කොන්දොස්තරවරුන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබු ගංජා සුරුට්ටු පහක්ද සොයා ගෙන තිබේ.අත් අඩංගුවට ගත් පිරිස දිගන සහ තෙල්දෙණිය බස් රථවල සේවය කරන්නන් බව පොලිසිය පවසයි.
මහනුවර බස් රථවල සේවය කරන රියදුරන් සහ කොන්දොස්තරවරුන් ගංජා පානය කර සේවයේ නිරතවන බවට දීර්ඝ කාලයක් තිස්සේ ලැබුණු