-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පළමුවැනි වසරේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකුට දඬුවම් කිරීම සඳහා විදුහල්පති කාමරයට ඔවුන් රැගෙන ගිය ගුරුවරියක් විදුහල්පතිවරයාද සමඟ එකතු වී දරුවන් දෙදෙනාගේ කලිසම් පහත් කිරීමට අණකොට අනෙක් ගුරුවරුන්ට එය ප්‍රදර්ශනය කරමින් පහත් වින්දනයක් ලබාගත් පුවතක් නුවරඑළිය නගර සීමාවට අයත් ප්‍රධාන පාසලකින් වාර්තා වෙයි.

පසුගිය දෙවැනි දින උදේ වරුවේ මෙම සිදුවීම වී ඇති අතර හිංසාවට ලක්වූ එක් දරුවකුගේ මවකට ඒ මොහොතේම දුරකතනයෙන් ලද තොරතුරු අනුව ඇය පොලිස් හදිසි ඇමැතුම් අංශයට මෙය දන්වා තිබිණි.

මගේ යාළුවෙක් කතා කරල පණිවුඩය කියන කොට මම හිටියේ හදිසි වැඩකට වැලිමඩ ගිහිල්ල යැයි තොරතුරු හෙළි කිරීම ආරම්භ කළ මෙම ක්‍රියාවට මුහුණ දුන් නානුඔය බංගලාහත ප්‍රදේශයේ පදිංචි එක දරුවකුගේ මවක් වන චන්දිමා මහත්මිය 'මව්බිම' වෙනුවෙන් සියලු පුවත් පවසා සිටියේ මෙසේය.
'මගේ පුතාගෙයි එයාගේ පන්තියේ තවත් ළමයකුගෙයි කලිසම් පහත් කරල අනෙක් ගුරුවරුන්ට පේන්ඩ හිටවල තියෙනව කියල ආරංචි වුණාම මට ඉවසුම් නැතිව ගියා. මම 119ට දැනුම් දුන්නා. අපේ තාත්තට කතා කරල කිව්ව ඉක්මනට ඉස්කෝලෙට ගිහින් බලන්ඩ කියල.

තාත්ත යනකොටත් පොලිසියෙන් ඉස්කෝලෙට ගිහින් ඉඳල තියෙන්නේ. පොලිසියෙන් දැකපු ගමන් ටීචර් පුතාලගේ කලිසම් අන්දවල පැත්තකට අරගෙන ගිහින් කිව්වලු පොලිසියටවත් අම්මටවත් මේ ගැන කියන්ඩ එපා කියලා.

මට දෙකට පොලිසියට එන්න කියල තිබුණා. එයාලත් ගෙන්වල තිබුණ. මම ළමා හා කාන්තා අංශයේ පැමිණිල්ලක් දැම්මා.
එතැනදී හෙළි වුණේ මගේ දරුවයි අනෙක් දරුවයි සෙල්ලම් කරමින් ඉන්න ගමන් අනෙක් දරුවා මගේ පුතාගේ කලිසම පහත් කරලා. පන්තියෙ ටීචර් මේක දැකල. ඊට පස්සේ තමයි ප්‍රින්සිපල් ළඟට එක්කගෙන ගිහින් කියල තියෙන්නේ. එයා කරල තියෙන්නේ ළමයි දෙන්නගෙම කලිසම් පහත් කරන්න කියල අණ කරල තියෙන එක. පුංචි උන් බයේ එහෙම කෙරුවට පස්සේ අනෙක් ගුරුවරුන්ටත් කතා කරල පෙන්නල. හිනාවෙවී ඉඳල.
ඔය ගුරුවරිය දරුවගෙන් පළිගන්නේ මගෙත් එක්ක තියෙන තරහකට.

මේ අවුරුද්දේ ජනවාරිවල ඉස්කෝලෙ පටන් ගන්නකොට ප්‍රාථමික අංශයට උගන්වන්ඩ ගුරුවරයෙක් හිටියෙ නෑ. මේ ගුරුවරිය පන්තියට ආවේ ඉස්කෝලෙ පටන් අරන් මාස එකහමාරකට පස්සෙ. ටික දවසකින් මෙයා මවුපියන්ට කිව්වා පාඩුවූ කාලය අල්ලන්ඩ ළමයින්ට හවස පන්ති කරන්න ඕන කියලා. එහෙම කියල ළමයි 34 දෙනාගෙන්ම රුපියල් 300 ගාණේ ගත්තා. දවස් දෙකකින් එය 400 කෙරුවා. ඊට පස්සේ 500 කෙරුවා. ඒත් අපි දුන්නා. ළමයින්ට එකට උගන්වල බෑ. ගෘෘප් ක්ලාස් කරන්ඩ ඕන කියලා එක්කෙනාගෙන් 1,500 ගාණේ ගත්තා. එයාගේ බෝඩිමේ තමයි පන්ති කෙරුවේ. ඊළඟ මාසේ 2,500 කෙරුවම අපි සමහරු විරුද්ධ වුණා. මම කිව්වා මගේ මහත්තයට ස්ථිර රස්සාවක් නැති හින්ද ඒ ගාණ දෙන්ඩ බෑ කියලා.

එදා ඉඳල තමයි මේ සේරම. පන්තියේ ළමයි කියන්නේ මගේ දරුවට සමහර දවස්වලට ගහන්නේ රීප්ප පටිවලින්ලු.
මම පොලිසියේදී මේ සේරම කිව්ව. දරුවත් එයාට කරපු දේ කිව්වා. වරදක් වුණානම් සමාවෙන්න ආයෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ කියල ප්‍රින්සිපල් පිළිගත්තා. එයාට විශ්‍රාම යන්ඩ තව අවුරුද්දයි තියෙන්නේ කියලත් කිව්ව. මේ ගුරුවරිය පාසලෙන් මාරුකොට යවන්නම් කියල මට ලියුමකුත් අස්සන් කරල දුන්නා.
මේ මොනවා වුණත් අනෙක් දරුවගේ අම්මල, තාත්තල ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ නිසා මේ ගුරුවරිය පන්තියේ ළමයින්ගේ මවුපියන් දැනුම්වත් කරල මගේ පිට වරද පටවමින් බොරු තොරතුරු පතුරුවන්නට වුණා.

මේ හින්දම මම නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට ගිහින් පැමිණිලි කළා.'
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මේ ගැන විමසීමේදී ඔවුන් පැවැසුවේ ලිඛිත පැමිණිල්ලක් ලැබී ඇති බවයි. ඒ අනුව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ඒ ගැන පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව අධ්‍යාපන ආරංචි මාර්ග තහවුරු කළා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos