-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගණිකා පහස ලබන පුද්ගලයින් හටත් දඩ පැනවීමට ප්‍රංශය සැරසේ. මේ සදහා වන නීතිය දැනට සම්පාදනය කෙරෙමින් පවතින අතර පාර්ලිමෙන්තුවේ බහුතර කැමැත්තද ඊට ලැබී ඇත.
මෙම නීතිය ආධාරයෙන් ප්‍රංශයේ ගණිකා වෘත්තිය දඩමිීමා කරගෙන ක්‍රියාත්මක වන අපරාධකරුවන්,ගණිකාවන් සපයන්නන් ආදීන් මැඩීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.ගණිකා වෘත්තිය ප්‍රංශයේ නීත්‍යා නුකූල වන අතර ළමා ගණිකා වෘත්තිය,මුදලට ගණිකාවන් සැපයීමේ ව්‍යාපාර ආදිය තහනම්ය.
ප්‍රංශය මෙම නීතිය හදුන්වාදීමට සැරසෙන්නේ ස්වීඩනය ආදර්ශයට ගෙන බව සදහන්ය. 1999 වසරේදී ස්වීඩනය හඳුන්වාදුන් මෙවැනිම නීතියකින් ගණිකාවන්ට අයුතු බලපෑම් එල්ල වීම නතර වුනා පමණක් නොව ස්වීඩනයේ ගණිකාවන්ගේ ප්‍රමාණය හරි අඩකින්ම පාහේ පහළ ගිය බව විමර්ෂකයින් පවසයි.
ප්‍රංශය හදුන්වාදීමට යන මෙම නව නීතියට යහපත් හා අයහපත් ප්‍රතිචාර දෙවර්ගයම ලැබී තිඛෙන අතර අයහපත් ප්‍රතිචාර දක්වනුන් පෙන්වා දෙන ප්‍රධාන කරුණ වනුයේ මෙවන් නීතියක් ක්‍රියාත්මක කළහොත් ගණිකා වෘත්තිය හොර රහසේ සිදුවන්නක් බවට යළිත් පත්වනු ඇතැයිද ඒ ඔස්සේ විවිධ සමාජ ගැටලූ ඇතිවනු ඇතැයිද යන්නයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos