-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More













කාල්ටන් ක්‍රීඩා සමාජය විසින් කොළඹ නගරයේ රාත්‍රි මෝටර් රථ ධාවන තරග නීති විරෝධී අන්දමින් පවත්වා ඇති බැවින් ඊට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

එම රාත්‍රි ධාවන තරගයෙන් රජයට විශාල බදු මුදලක්‌ අහිමි වී ඇති බැවින් මෙලෙස පැමිණිලි කිරීමට තීරණය කළ බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී බස්‌නාහිර පළාත් සභා එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

මෙම තරගයට මෙරටට ගෙන ආ විශේෂ මෝටර් රථවලට බදු සහන ලබාදීම, තරගාවලිය විනෝද බද්දෙන් නිදහස්‌ කිරීම, නොමිලේ විදුලිය ලබා ගැනීම, තරග සංවිධාන කටයුතු සඳහා හමුදා සෙබළුන් යෙදවීම, කොළඹ නගර සභාවේ අනුමැතියකින් තොරව ප්‍රවේශපත්‍ර අලෙවිය, මහජනතාවට හිරිහැරවන ලෙස කොළඹ මාර්ග වැසීම ඇතුළු කරුණු රැසක්‌ පදනම්කර ගනිමින් පැමිණිල්ල ඉදිරිපත් කරන බවද හෙතෙම පැවැසීය.

මෙම තරගාවලිය විනෝද බද්දෙන් නිදහස්‌ කිරීම බරපතළ වරදක්‌ බවත් පෞද්ගලික ක්‍රීඩා සමාජයක්‌ විසින් පවත්වන ලද මෙම තරගාවලිය විනෝද බද්දෙන් නිදහස්‌ කිරීම නිසා කොළඹ මහ නගර සභාවට අයවිය යුතු විශාල බදු මුදලක්‌ අහිමි වූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week