-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෙතෙක් කල් නවක වදය ප්‍රචලිතව පැවතුනේ රජයේ විශ්ව විද්‍යාල වල පමණි. එම විශ්ව විද්‍යාල වලද නවක වදය විවිධාකාරයෙන් පැවතුන අතර සුන්දර නවක වදය අතරතුර අමානුෂික නවක වද සිදුවීමද වාර්තා වුණි.

ඇතැම් සිසුන් ඔවුන් රජයේ විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුවද මුදල් ලබාදී පෞද්ගලික විශ්ව විද්‍යාල වෙත යෑමට පෙළඹ තිබුනේ රජයේ විශ්ව විද්‍යාල වල ඇතැයි කියන ආමනුෂික නවක වදයට මුහුණ දීමට බියෙනි.

නමුත් පසුගිය 11 වනදා යුනියන් පෙදෙසේ ‘ඇපිට්’ උසස් අධ්‍යාපන ආයතනයේදී එහි පළමු වසර සිසුවෙකු වන අකලංක සමිත් හට එහි ජේෂ්ඨ සිසුන් හතර දෙනෙකු විසින් එම අධ්‍යාපන ආයතනයේම ඉගෙන ගන්නා පළමු වසර සිසුවෙකුට නවක වදය දීමේ සිදුවීමක් වාර්තා විය.

එම සිසුවා සවස හතර පමණ වනවිට එම ආයතනයෙන් ඉවතට පැමිණීමේදී ජේෂ්ඨ සිසුන් වන දුමින්ද ලක්ෂාන් පෙරේරා (දුම්මා), සෝලංග හර්ෂ කීගල්, කවින්ද හිරුශාන් සේරතිස්ස සහ මොහොමඩ් මුචාසර්විසින් ඔහුව ආයතනයේ රථගාල වෙත ගෙනගොස් ඇත.

පළමු වසරේ සිටි සිසුවා කමිසයේ උද බොත්තම නොදා සිටි හෙයින් පළමු බොත්තම පියවන මෙන් පවසා ඔහුට පහරදී ඇත. පහරදුන් සිසුන් අතර එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයකුගේ පුතකුද වේ.

පසුගිය 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගත කොට සිටි එම සිසුන් හතර දෙනා එක් සිසුවකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇපයක් හා තරයේ අවවාදකොට කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා විසින් මුදාහැර තිබේ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week