-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ග්‍රාහකයන් සංඛ්‍යාව අතින් ලෝකයේ හතරවන ස්ථානයේ පසුවන භාරති එයාර්ටෙල් සමාගමේ ලංකාවේ මෙහෙයෙම් කටයුතු අබුඩාබි හි එටිසලාට් සමාගම වෙත විකිණීමට කටයුතු යොදා ඇතිබවට මෙයට පෙර ලිපියකින් අප හෙළිකොට සිටියා.

භාරතී එයාර්ටෙල් මෙරට මෙහෙයුම් කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් පමණ වැයකර අතිනමුත් ග්‍රාහක සංඛ්‍යාව (මිලියන 1.7) වැඩිකරගනීමට නොහැකිවීමත් පාඩු ලැබීමත් හේතුවෙන් මෙලෙස එයාර්ටෙල් සමාගම එටිසලාට් වෙත විකුණා දැමීමට තීරනයකොට තිබුණි.

මේවනවිට එම සමාගම් දෙකෙහි විධායක නිලධාරින් මාස පහකට අධික කාලයක් ගණදෙනුව සම්බන්ධයෙන් කල සාකච්චා මේවනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි වාර්තාවේ. ඒ අනුව ජනවාරි මස මුල් භාගයේදී එයාර්ටෙල් එටිසලාට් වෙත විකිණීමේ ගනදෙනුවේ නිල තීන්දුව හා ඉදිරි ක්‍රියාමාර්ග නිල වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

එයාර්ටෙල් සමාගම මෙරට ආයෝජනය කිරීමට පැමිණීමට ප්‍රථම රජය විසින් අනුමත කල ව්‍යාපෘති කිසිවක් ක්‍රියාවට නංවා ගැනීමට එම සමාගමට නොහැකි වූ අතර ඩයලොග් සමාගම රජය සමග සමීපව කටයුතු කරමින් රජයේ ප්‍රසාදය දිනාගැනීමට සමත්ව සිටීමද විශේෂත්වයකි.

විපක්ෂ නායකවරයාගේ නම ඇතුලත්ව තිබු රින්ගින්ටෝන් ගීතයක් ඩයලොග් සමාගම ඉවත්කොට තිබු අතර විශේෂ පුද්ගලයන්ගේ දුරකථන භාවිතයන් රජයට ලබදෙන්නේයිද විපක්ෂය විසින් ඩයලොග් සමාගමට චෝදනාකොට තිබුණි.

භාරතී එයාටෙල් සමාගමේ ශ්‍රී ලංකාව, අප්‍රිකාව හා බංගලාදේශයේ මෙහෙයුම් භාරව කටයුතු කරන ජාත්‍යන්තර ප්‍රධාන විධායක නිලධාරී හා කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් කෝලි එයාර්ටෙල්-එටිසලාට් ගණදෙනුව සම්බන්ධයෙන් අදහස් පලකිරීම ප්‍රතික්ෂේපකොට ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week