කොස්ගොඩ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු සුදු කැස්බෑවා සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගායක අමල් පෙරේරා අද දිනයේ පොලීසිය හමුවේ ප‍්‍රකාශයක් ලබා දෙන බවට පොරොන්දු වුවද නොවැලැක්විය හැකි හේතුවක් නිසා තමන් හෙට දිනයේ පොලීසියට පැමිණෙන බව ඔහු දැනුම් දී තිබේ.
කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට අමල් පෙරේරා දුරකථනයෙන් කතා කර මේ බව දන්වා ඇත.
කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ නීතියට අවනතව ඔහු පොලීසියට පැමිණිය යුතු බවත් නැතහොත් ඔහු අත්අඩංගුවට ගන්නා බවත්ය.