සඳ මතට අභ්‍යවකාශ යානයක් යවා ගවේෂණයක යෙදුණු තෙවැනි රට බවට පත්වෙමින් චීනය අභ්‍යවකාශ ගත කරන ලද චන්ද්‍ර ගවේෂණ යානය ඊයේ සඳ මතට සාර්ථකව ගොඩබස්වනු ලැබිණි.
මිනිසුන් රහිත මෙම යානය සඳ මතුපිට “දේදුණු නිම්නය” ලෙසින් නම් කෙරුණු ගිනිකඳු සහිත සමතලා බිම ස්පර්ශ කිරීමට නියමිතයි.
ඉන් පසු එතුලින් මුදා හැරෙන රෝද සයක් සහිත රොබෝ වාහනයට පැයට මීටර දෙසීයක වේගයෙන් ධාවනය වීමට සහ අංශක 30 ක් දක්වාවූ බෑවුම් මත නැගීමේ හැකියාව ද ඇත.
මීට ඉහත ඇමරිකාව සහ රුසියාව විසින් සඳ මත භාවිතා කෙරුණු උපකරණ වලට වඩා සුක්ෂම උපකරණ මෙම රොබෝ වහනය ට එක්කර ඇති බැවින් සඳ මතුපිට පස හා පෘෂ්ඨය පිලිබඳ වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් යුක්තය.