තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයට අනුබද්ධ ප්‍රධාන පර්යේෂණ සංවර්ධන හා තාක්ෂණික සේවා සැපයීමේ ආයතනයක් වන්නේ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයයි. කලාපීය අභ්‍යවකාශ යෙදවුම් වැඩසටහන තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරන කේන්ද්‍රීය ආයතනය වන්නේ ද මෙම ආයතනයය.
පසුගිය නොවැම්බර් 27 හා 28 දෙදින බැංකොක් නුවරදී පැවති කලාපීය අභ්‍යවකාශ යෙදවුම් වැඩපිළිවෙළ සඳහා වන අන්තර් රාජ්‍ය උපදේශක කමිටු රැස්වීම් අවස්ථාවේදී තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සැළකිල්ලට ගෙන එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථීක හා සමාජ කොමිසම (UNESCAP) විසින් කලාපීය රටවල ධරණීය සංවර්ධනය සඳහා අභ්‍යවකාශ තාක්ෂණ භාවිතයන් යොදාගැනීමේ ශක්‍යතාව සංවර්ධනය කිරීමේ අරමුණ සඳහා සකස් කරන ලද පස් අවුරුදු සැළැස්ම ක්‍රියාත්මක කිරීමේ පළමු නියමු රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේ.
මේ සමඟ චන්ද්‍රිකා දත්ත තාක්ෂණය සහ අනුබද්ධ ක්ෂේත්රවල සංවර්ධනය සේම ඉංජිනේරුවන්, විද්‍යාඥයන් සහ අදාල ක්ෂේත්රවල නිළධාරීන් පුහුණු කිරීමේ අවස්ථාවද සැළසේ.