-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලොව විශාලතම පාවෙන පොත්හල ලෙස සළකන 'ලෝ ගෝස්හෝප්' නෞකාව ඊයේ (26දා) සිට ජනවාරි 07 ක්වා ගාලු වරායේදී නැරැඹීමට අවස්ථාව උදාවේ.
තට්ටු 09කින් හා මීටර් 132කින් යුක්ත මේ නෞකාවේ 4 වැනි තට්ටුවේ පොත් සල්පිල දක්නට ලැබෙන අතර එහිදී තේමාවන් 5000කට ආසන්න ග්‍රන්ථ රැසක් තිබෙන බව ගාලු වරායේ අදිකාරිය සඳහන් කරයි.

ලබන සඳුදා සහ අඟහරුවාදා යන දෙදිනයන්හිදි උදෑසන 10 සිට හවස 4 දක්වාත් බ්‍රහස්පතින්දා සිට සිකුරාදා සහ සෙනසුරාදා යන දින තුනේදී උදෑසන 10 සිට රාත්‍රි 8 දක්වාත් ඉරිදා හවස 2 සිට රාත්‍රි 8 දක්වාත් මේ පොත් සල්පිල නැරැඹීමට අවස්ථාව සලසා තිබේ. ජනවාරි පළමුවැනිදා නිවාඩු දිනයක් සේ සලකා එදින නැරැඹීමට අවස්ථාව ලබා නොදෙන බවද වරාය අධිකාරියේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් 'මව්බිම'ට කීය.
නෞකාව නැරැඹීමට පැමිණෙන අයට ගාලු වාරායට පිවිසීමට ඇති මාගාල්ල පාලම අසල ‍ෙදාරටුව විවෘත වන අතර ප්‍රදර්ශනය නැරැඹීමට එන අවුරුදු 12ට වැඩි සියලුම අයට රුපියල් 100ක ටිකට්පතක් මිලදී ගත යුතුය.


දැනුම බෙදාදීමේ සහ යම් අයකුට උදවු කිරීමේ අරමුණින් සංචාරය කරන මේ නැව මේ වන විට රටවල් 164ක සංචාරය කර ඇත.
මෙහි ජාතීන් 45කට වැඩි පිරිසක් නියෝජනය කරමින් සේවකයන් 400ක් පමණ පිරිසක් සේවය කරන අතර එම සියලුදෙනා ස්වේච්ඡා නිලධාරීන් සේ සිය සේවය ලබාදෙති.

ලෝගෝ හෝප්ස් නෞකාව වසර 43ක් තිස්සේ මෙසේ රටවල්වල සංචාරයේ නිරත වන අතර එය මේ වන විට 1400කට වැඩි වාර ප්‍රමාණයක් ලෝකයේ වරායන්වලට පැමිණ තිබේ.

මේ වනවිට මේ නෞකාව මිලියන 43ක් පමණ පිරිසක් නරඹා ඇති අතර ගාලු වරායට මෙය පැමිණ තිබෙන්නේ දෙවැනි වතාවටයි. 2011 වසරේදීද මේ නෞකාව ගාලු වරායට පැමිණ ඇත.


දෙසැම්බර් 26 සිට ජනවාරි 07 දක්වා ගාලු වරායේදී නවතා තිබෙන මේ නෞකාව ජනවාරි 08 වැනි දින ත්‍රිකුණාමලය වරයේදී නැරැඹීමට අවස්තාව සලස්වා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos