සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ වැඩිමහල් දියණිය වන මුදිතා සංජීවනී කුරේ මහත්මිය හදිසි හෘදයාබාධයකින් ඊයේ (3දා) අභාවප්‍රාප්ත වූවාය.
කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක වන ඇය දර්ශනපති උපාධිය සඳහා සූදානම් වී එම පරීක්ෂණයේ තම දේශනය ඉදිරිපත් කරද්දී පසුගිය බ්‍රහස්පතින්දා (28දා) පරීක්ෂණ මණ්ඩලය ඉදිරිපිට හදිසියේ අසනීප වී කිරිබත්ගොඩ රෝහලටද, එතැනින් රාගම මහ රෝහලටද පසුව කොළඹ ජාතික රෝහලටද ඇතුළත් කරනු ලදුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඊයේ අලුයම අභාවප්‍රාප්ත වූවාය.
කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වූ 35 වියෙහි පසුවූ ඇය දරුවන් තිදෙනකුගේ මවකි.
දේහය කළුතර නාගොඩ පරණ ගුවන්තොටුපළ පාර ඇයගේ නිවෙසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු හෙට (5දා) බ්‍රහස්පතින්දා සවස කළුතර කටුකුරුන්ද ශාන්ත පිලිප් නේරි දේවස්ථානයේදී සිදු කෙරේ.