-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සුපුරුදු පරිදි සුන්දර වචන මාලාවක් ඉදිරිපත් කර වැඩකරන ජනතාව රැවටීමට උත්සාහ කළ අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බවත් මෙමගින් පැහැදිලි වන්නේ සටන් කිරීමෙන් තොරව වැඩකරන ජනතාවට විකල්පයක් නොමැති බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. මේ සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටී.
විශේෂයෙන්ම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව 2006 ජනවාරි සිට මේ දක්වා රු. 25000/=කට වැඩි ප‍්‍රමාණයකින් ජීවන වියදම ඉහළ ගොස් ඇත. විටින් විට රාජ්‍ය සේවකයාට ලබාදුන් දීමනා සියල්ල එකතු කළද තවත් රු. 16000/- කට වැඩි හිඟයක් පවතී. පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 10,000/=කටත් අඩුය. එවැනි වටපිටාවක් තුළ වැටුප් වැඩිකිරීම ඇතුළු සහන ඉල්ලා මෙවර අය-වැයට පෙර විවිධ සටන් ක‍්‍රියාමාර්ගවලට මෙරට වැඩකරන ජනතාව අවතීර්ණ විය.
නමුත් රු. 1200/=ක සොච්චම් දීමනාවක් පමණක් රාජ්‍ය අංශයට ලබා දෙමින්පෞද්ගලික හා වතු ‍ක්ෂේත‍්‍ර සහමුලින්ම අමතක කරමින් මේ වන විට අය-වැය ඉදිරිපත් කර ඇත. එය කිසිසේත්ම රාජ්‍යපෞද්ගලික හා වතු වැඩකරන ජනතාව පිළිනොගන්නා අය-වැයක් බව අවධාරණය කළ යුතුය. එපමණක් නොව වැටුප් විෂමතා නිවැරදි කර හිඟ වැටුප් ගෙවූ බවටද මෙරට බහුතර ජනතාව නොමග යවන සුළු ප‍්‍රකාශ පවා කිරීමට මෙවර අය-වැය කතාව තුළ කටයුතු කර ඇත.
රාජ්‍ය අංශයට රු.10,000/= ක වැටුප් වැඩිවීමක්පෞද්ගලික අංශය (වතු ක්‍ෂේත‍්‍රයද ඇතුළත්ව) රු. 5000/=ක අය-වැය සහන දීමනාවක් ඇතුළු අවම ජීවන තත්වයක් පවත්වාගෙන යාමට අදාලව ඉදිරිපත් කළ ඉල්ලීම් කිසිවක් කිසිදු තැකීමකට ලක් කිරීමට මෙවර අයවැය තුළ කටයුතු කර නොමැත.
පුදුමයට කරුණ වන්නේ වැදගැම්මකට නැති ‘‘චෝගම්’’ සමුළු වෙනුවෙන් ගිය වියදමවත් ප‍්‍රකාශ කළ නොහැකි තරමට මෙරට ජනතාවගේ මුදල් කාබාසිනියා කළ ආණ්ඩුවක්ලෝකෙටම සිය දේශපේ‍්‍රමීත්වය ගැන මොර දෙන ආණ්ඩුවක් මෙරට වැඩකරන ජනතාවගේ දුක්ඛිත ජීවන තත්වය ගැන අබමල් රේණුවක තැකීමක් නොකිරීම ගැනය.
එබැවින් වැඩ කරන ජනතාවට සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ඉතිරිව ඇත්තේ සටන් කිරීම පමණකි. වැඩකරන ජනතාවගේ පුළුල්මපුළුල් එකතුවක් තුළ අයවැයෙන් ලබා නොදුන් ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් අරගල කිරීමට අප කිසිසේත්ම පසුබට නොවන බවත්ඒ වෙනුවෙන් ඉදිරියේදී ගනු ලබන  ඕනෑම ක‍්‍රියාමාර්ගයක් තුළ සක‍්‍රීයව දායකවෙමින් රාජ්‍ය,පෞද්ගලිකවතුවිශ‍්‍රාමිකගොවිධීවර යන සෑම ක්‍ෂෙත‍්‍රයකම වැඩ කරන ජනතා ඉල්ලීම් ජයග‍්‍රහණය තෙක් සටන් වදින බවත් අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos