-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය මඟින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දුරකතනයට රහසිගතව සවන් දෙන්නේදැයි  යන්න සම්බන්ධයෙන් මෙරට
ආරක්ෂක අංශවල අවධානය යොමු වී තිබේ. චීනය සමඟ සමීප සම්බන්ධකම් පවත්වන රටක් ලෙස ශ්‍රී  ලංකාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ඇමෙරිකාව මෙරට ජනාධිපතිවරයා සහ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කරන බවට සැක මතුවී ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙරද අනාවරණය කර තිබුණේ විදේශීය රටකින් තමන්ගේ දුරකතනයට රහසිගතව සවන් දෙන්නේ දැයි යන සැකය තමන්ට ඇති බවයි.
ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය මඟින් රටවල් 35ක නායකයන්ගේ දුරකතන සාකච්ඡාවලට රහසිගතව සවන් දෙන බවට මෑතකදී හෙළිදරව් වූ අතර, ඒජන්සිය මඟින් විවිධ රටවල ආණ්ඩුවල ඉහළ පෙළේ ප්‍රධානීන්ගේ දුරකතන අංක 200ක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවද හෙළිදරව් විය. 

එහෙත් ඔවුන්ගේ නම් මෙතෙක් හෙළිදරව් වී නැත.ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ දුරකතනයට රහසිගතව සවන්දීම හෙළිදරව් වීමත් සමඟ ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය නීති විරෝධී ලෙස සිදුකරන මෙම කටයුතු හෙළිදරව් වීම ඇරැඹිණි.

එසේම මේ ජාතික ආරක්ෂක ඒජන්සියේ සේවය කළ එඩ්වඩ් ස්නෝඩන් විසින් මේ නීති විරෝධී ක්‍රියාවලිය සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමත් සමඟ අනෙකුත් රටවල්ද මේ පිළිබඳ තම අවධානය යොමු කිරීමට පටන් ගත්තේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos