හබරාදුව පොලිස් බල ප‍්‍රදේශයට අයත් යද්දෙහිමුල්ල ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටි රුසියානු ජාතික කාන්තාවක් හෝටලයේ සේවකයකු විසින් අපයෝජනයට ලක්කොට ඇත.
මෙම කාන්තාව රුසියානු ජාතික තම සැමියා සමග මෙම හෝටලයේ නතර වී සිට ඇත. සැමියා හෝටලයෙන් පිටතට ගොස් සිටියදී ඇය අපයෝජනයට ලක්කළ බවට ඇගේ සැමියා විසින් පොලිසියට පැමිණිලි කොට තිබේ.
මෙම යුවළ නිවාඩුවකට පැමිණ ඇති අතර මෙම හෝටලයේ ලැගුම්ගෙන සිට තිබේ.
සැකකාර හෝටල් සේවකයා දහනම හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. සිද්ධිය සම්බන්ධව හබරාදුව පොලිසිය පරික්‍ෂණ පවත්වයි