පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ලංකාවේදී පැවැත්වීමට එරෙහිව විරෝධය පල කරමින් උද්ඝෝෂණයක නිරත වූ ඉන්දියානු ජාතිකයින් 300 දෙනෙකු තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පොදු ප්‍රවාහනයට බාධා එල්ල කරමින් දියත් කළ මෙම විරෝධතාවන්හිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂයේ නායක වයිකෝද වේ.
ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් හා තවත් කරුණු රැසකටද උද්ඝෝෂකයෝ විරෝධය පල කර තිබේ.