මැදිවියේ කාන්තාවකගේ ගුදමාර්ගයේ සිට අක්මාව දක්වා පැතිරුණු පිළිකාවක් වෛද්‍ය කැමරා ආධාරයෙන් සිරුර විවෘත නොකොට සාර්ථක ලෙස ඉවත් කිරීමට හැකි වූ බව බදුල්ල මහා රෝහලේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරුප්පෙරුම මහතා පවසයි.
එම පිළිකාව laparos copic Anter ion resection & laparoscopics partical hepatectomy ක‍්‍රමයට ඉවත් කොට ඇති අතර, මෙවැනි සැත්කමක් ශ‍්‍රී‍්‍ර ලංකා වෛද්‍ය ඉතිහාසයේ සිදුකර ඇත්තේ ප‍්‍රථම වරටයි.
මෙම ක‍්‍රමය නිසා රෝගියාට දැනෙන දැඩි වේදනාව අඩු වන අතර, වහනය වන රුධිරය ප‍්‍රමාණය බෙහෙවින්ම අඩු බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය. මේ රෝගියාගේ ගුද මාර්ගයේ සහ අක්මාවේ පිළිකා දෙකම සිරුර විවෘත කොට සැත්කමකට භාජනය කළේ නම් අඩි එකහමාරක පමණ කැපුම් දෙකක් කිරීමට සිදුවන බව ඔහු පැවැසී ය.
(විමුක්ති සංජය පෙරේරා-බදුල්ල)