-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොලිස්‌ මූලස්‌ථාන සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ පරීක්‍ෂක ශ්‍රේණියේ නිලධාරීන් සිව්දෙනකු ඇතුළු පොලිස්‌ නිලධාරීන් 23 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත. කොළඹ ඇස්වාට්ටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය "සලාකා රෙජිනෝ" නම් සුදුපොල වැටලීමෙන් පැය 48ක් ගතවීමට මත්තෙන් එම වැටලීමට සම්බන්ධ වූ විසි හතර දෙනාගෙන් විසිතුන් දෙනෙකුම මාරුකර යවා තිබීම විශේෂත්වයකි.

පොලිසිය පවසන ආකාරයට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.සී.පී. අබේරත්න, පොලිස් පරීක්ෂක අත්තනායක, සහකාර පොලිස් පරීක්ෂක සෝමරත්න හා සිරිවර්ධන ඇතුළු විසි තුන් දෙනෙකුම මාරු කර යවා ඇත්තේ සේවයේ අවශ්‍යතාවය මතය.

සලාකා රෙජිනෝ සුදු පොලෙහි හිමිකාරීත්වය ඇත්තේ ගාමිණි හා සුධර්මා නෙත්තිකුමාර යුවල වෙතය. පොලිසියේ නිලධාරින් පැය 48ක් ගත වීමට මත්තෙන් මාරුකිරීම පිටුපස ඇත්තේ අන්කවරෙකුගේවත් බලය නොව සුධර්මා නෙත්තිකුමාර හා පසුගියකාලයේ නෙලුම් පොකුණේ ලංකාවේ ප්‍රසිද්ධතම ගාන්ධර්වයකු ගේ සංගීත ප්‍රසංගයක් සුධර්මා සමග සංවිධානය කල පුද්ගලයා සමග ඇති සමීපතම සම්බන්ධතාවය හේතුවෙනි.

මෙම සම්බන්ධතාවයට අමතරව මෙම සුදුපොල පවත්වාගෙන යාමට පසුගිය කාලයේ ඉන්දියාවේ ප්‍රකට ගායන ශිල්පියෙකු මෙරටට ගෙන්වීමට කටයුතු කල ඇමති බිරිඳක් ද සිටින බවට වාර්තා වේ. එම සුදූපොළ වැටලූ අවස්ථාවේ එහි සිටි නීතිඥවරුන්, මාධ්‍යයවේදින්, ඇතුළු පිරිසක් සිට ඇතිඅතර ඔවුන් දිනපතා එම ස්ථානයට පැමිණීම පුරුද්දක් කරගෙන තිබුණි.

වායුසමීකරණය කරන ලද සලාකා රෙජිනෝ වට ඇතුළු වීමේ ගාස්තුව රුපියල් පන්දහසකි. ඇතුළුවීමෙන් අනතුරුව රුපියල් දහසක් ඔට්ටු තැබුවහොත් රුපියල් හතලිස් දහසක දිනුමක් දක්වා යා හැක. මෙම දිනුම් ක්‍රමය නිසා බොහෝ දුප්පතුන්ද මෙම ස්ථානයට පැමිණ තිබු අතර වැටලීම සිදුකරන අවස්ථාවේදී සිය මවට බෙහෙත් ගෙන ඒමට පැමිණි පුතෙකුද හසුවී තිබුණි.

මෙම සුදු පොළ නීතියේ රැහැනට හසුකරගනීමත් සමග ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඉහල පෙලේ ප්‍රභූවරයෙකු සහ ප්‍රසිද්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බලපෑම් මත එම මෙහෙයුම සිදුකල නිලධාරෙන් මාරුකොට යවා තිබුණි. ඒ පළමු සිදුවීමයි. දෙවන සිදුවීම වාර්තා වන්නේ මහනුවර ප්‍රදේශයෙනි.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ගේට්ටුව ඉදිරිපිටදී නවීන පන්නයේ ප‍්‍රාඩෝ රථයකින් පැමිණි තරුණයන් තිදෙනකු විදේශීය කාන්තාවක පැහැරගෙන යාමට තැත් කිරීම වැළැක්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකු උස්සා පොළොවේ ගැසීමේ සිදුවීමක් පසුගියදා වාර්තා වුනි. සිද්ධිය වාර්තාවන පරිදි මෙසේය.

නෝර්වේජියානු පිරිමින් දෙදෙනෙකු රුසියානුන් කාන්තාවක සමග විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් පදවාගෙන ආ ත්‍රීරෝද රථයක නැගී පැමිණ ඇති අතර එම ත්‍රීරෝද රථය මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට නවත්වනවාත් සමග නවීන පන්නයේ ප්‍රාඩෝ රථයක් පැමිණ නවත්වා තිබේ.

ඉන්පසුව ඉන් බැසගත් උස මහතා තරුණයන් තිදෙනෙක් ත්‍රීරෝද රථයේ සිටි රුසියානු කාන්තාව එලියට ඇද ගැනීමට උත්සාහ දරා ඇත. එදින මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපස ගේට්ටුව භාර රාජකාරිවල නිරතවූයේ පොලිස් සැරයන් වජිර පි‍්‍රයන්ත ජයමහ මහතා එම සිදුවීම දැක එම ස්ථානයට ගොස් එය නැවත්වීමට උත්සාහ කල අවස්ථාවේ එම තරුණයන් "උඹ දන්නවාද අපි "....තුමාගේ කට්ටිය" (ක්වීන්ස් හෝටලයේ තරුණියන් සමග සිටින බවට ප්‍රකට ඇමතිවරයෙක්) යනුවෙන් ප්‍රකාශකොට ඔහුව උස්සා තුන්වරක් ඒ අසල ඇති මල් පාත්තියක බැම්මක ගසා ඇත.

ඔහුගේ උදව්වට තවත් නිලධාරීන් පැමිණියද ඔවුන්ටද සැරයන් වරයා බේරා ගැනීමට නොහැකි වී ඇති අතර අවසානයේ රේඩියෝ ඇමතුම් ලබාදී අමතර නිලධාරීන් ගෙන්වා එම මැරයන්ගෙන් බේරාගැනීමට හැකිවී තිබේ.

නමුත් ඔවුන්ගේ ප්‍රාඩෝ රථයවත් පොලිසිය තුලට ගැනීමට නොහැකි වී ඇති අතර මාංචු දැමු මැරයන් හා අසාධ්‍යය තත්වයෙන් සිටි සැරයන්වරයා පොලිසිය තුලට ගෙනගොස් ඇත. පොලවේ ගැසීමෙන් අසාධ්‍යය වූ සැරයන්වරයා පය දෙකකට ආසන්න කාලයක් පොලිසිය තුල තබාගනිමින් පොලිසියේ ඉහල නිලධාරීන් බළකොට ඇත්තේ එම මැරයන්ට විරුද්ධව ඇති පැමිණිල්ල ඉවත්කරගන්නා ලෙසය.

එම සිදුවීමෙන් කලකිරීමට පත් ජයමහ මහතා සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරනයකොට ඇත.


Source: 33000

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week