-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දැඩි පොලිස් ආරක්ෂාව මැද පිළියන්දල, මා කන්දන මිනී වළ හාරන්නට පටන් ගත් අතර මේ වනවිට ඝාතනයට ලක් වූ කාන්තාවගේ යැයි සැක කරන හිස්කබල ඇතුළු අස්ථි කැබලි රැසක් ගොඩ ගෙන ඇත. ඝාතනයට ලක් වී ඇත්තේ ශකිලා පෙරේරා නැමැති කාන්තාවකි. ඉතාලියේ දීර්ඝ කාලයක් සේවය කරමින් සිට නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඇගේ දෙවැනි සැමියා අතින් ඝාතනයට ලක් වී ඇත. අනතුරුව සැකකරු විසින් ගෙවත්තේ වළක් හාරා සිරුර වළ දමා තිබේ.
අඟහරුවාදා (19) මෙම වළ හාරන අවස්ථාවේ එම වළ කැපූ පුද්ගලයා ද පැමිණ මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා ඉදිරියේ සාක්ෂි දුන්නේ ය. සැකකාර පැතුම් ගුණවර්ධන නැමැති අයගේ ඉල්ලීමක් පිට එම වළ කපා දුන් බවත් එය කුණු දමන්නට කැපූ වළක් බවත් කී සාක්කිකරු ඒ සඳහා රුපියල් තුන්දහසක් තමන්ට ගෙවූ බවත් පැවසීය.
 ඇට සැකිල්ල ගොඩ ගැනීම ඉතා ප්‍රවේශමෙන් සිදුවූ අතර අතර විශාල ජනතාවක් ඒ අවට රොක් වී සිටිති.මියගිය කාන්තාවගේ ඇට සැකිළි සමඟ ඈ හැඳසිටි කලුපැහැති දිග කලිසමද හැට්ටයේ කැබලිද මතුවී ඇත.අත්දෙකෙහි සැකිළි ප්‍රධාන ඇට සැකිල්ලෙන් වෙන්වී තිබී ඇති අතර දණහිස් දෙකට නැවී තිබී ඇත.
මෙම ස්ථානයට සැකකාර පැතුම් ගුණවර්ධන නැමැති අයද දැඩි ආරක්ෂාව මැද රැගෙනැවිත් සිටී.
මිය ගිය ශකිලා පෙරේරා මහත්මියගේ මව පෙර විවාහයේ දරුවන් සහ ශකිලාගේ වැඩිමහල් සොහොයුරාද මිනී වළ හාරන ස්ථානයට පැමිණ සිටිති. එම ඉඩමේ වර්තමාන හිමිකරුද පිරිස අතරේ වෙයි.


කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා ඉදිරියේ මිනී වළ හාරන අතර කළුබෝවිල ‍මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සංජීව හුළංතැන්න, ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරි ජේ.ඒ.ජයලත් යන මහත්වරුන් සහ මිරිහාන පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකයද එම ස්ථානයට පැමිණ සිටී. 
පිළියන්දල පොලිසිය විසින් දැඩි ආරක්ෂාවක් සලසා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos