බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් වංචා කළැයි කියන බ්‍රාලසුබ්‍රමනියම් උදයන්ට මහා බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කර ඇතැයි ඔහුගේ නීතීඥවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
රහස් පොලිසිය ඊට විරුද්ධ විය.
බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ඔහුට ශ්‍රී ලංකාවේ පදිංචියක් නැතැයි ද රහස් පොලිසිය කීවේය.
මේ අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අර්ධ අවසන් තරඟයේ දී කොටි කොඩියක් රැගෙන කාඩිෆ් පිටියට පිවිසි යෝගේෂ්වරන් මනිමාරන් ළඟදීම ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
නඩුවේ සෙසු සැකකරුවන් වන ආනන්ද කුලදීපම් හා බාලසුබමනියම් උදයන් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
රහස් පොලිසිය ඔවුන් හඳුනාගෙන ඇත්තේ බැංකුවල ආරක්ෂක කැමරා ආධාරයෙනි.