ගුවන් යානයක නියමුවා රෝගීවීම හේතුවෙන් යානයේ සිටි මගියෙකු එම යානයේ පාලනය භාරගෙන එය ආරක්ෂිතව ගොඩබෑමේ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.
බී.බී.සී. ලෝක සේවය පැවසුවේ, යානයේ නියමුවා නියමු කුටිය තුළ ඇදවැටීමත් සමග එම මගියා එහි පාලනය බාරගත් බව ය.
පසුව ප්‍රධාන ගුවන්පාලක මැදිරිය සමග සබඳතා පවත්වමින් යානය ආරක්ෂිතව ගොඩබෑමට අදාළ මගියා සමත්ව තිබේ.
මගියා ගුවන් පාලක මැදිරිය අමතන අවස්ථාවේදී ම ඔහු යානය ආරක්ෂිතව ගොඩබානු ඇති බවට එහි නිලධාරින්ට වැටහී ගොස් තිබේ.
ප්‍රධාන පාලක මැදිරියේ නිලධාරින් පැවසුවේ, ඔහු එම අවස්ථාවේ අත්දැකීම් සහිත පුද්ගලයෙකු ලෙස නොබිය ව කටයුතු කළ බව ය.
පසුව පරීක්ෂා කරන අවස්ථාවේ යානයේ නියම නියමුවා මියගොස් සිටි අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.