වසරේ ගතවූ කාලය තුළ ෆේස්බුක් අපචාර සම්බන්ධයෙන් පැමිණිලි 900 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි සර්ට් හෙවත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, වැඩිම පැමිණිලි සංඛ්‍යාව ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් ලැබී ඇති බව ය.
රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ෆේස්බුක් පරිශීලනය කරන්නන් මෙවැනි ක්‍රියා පිළිබඳ වැඩි අවධානයෙන් පසුවිය යුතු බව ය.
චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ෆේස්බුක් සම්බන්ධයෙන් ගැටලු පවතී නම් තම ආයතනයට පැමිණිලි කරන ලෙස ය.






