ජනාධිපති උපදේශකවරයෙකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දිවංගත භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දෙවර්ෂ පූර්ණ ගුණ සැමරුම අද පෙරවරුවේ කොළොන්නාව ප්‍රදේශයේදී පැවැත්විය.
ඒ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පවුලේ සාමාජිකයින් දේශපාලඥයින් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙනි.
කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පිහිටි ඒ
මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර පිදීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ කෙරිණ.
මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර පිදීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ කෙරිණ.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.
"මට මතකයි 2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් අමාත්‍යාංශ 3ක් හිටපු අපේ ජනාධිපතිනිය පවරා ගැනීමට කටයුතු කළ අවස්ථාවේ ඒ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත එවලා ඒ ගැසට් නිවේදනය මුද්‍රණය කරගැනීමට බැරිවෙච්ච වෙලාවක රෑ 12ට 1ට 2ට භාරත බොරැල්ලට ඇවිල්ලා ඒ ගැසට් නිවේදනය මුද්‍රණය කර ගන්න අවශ්‍ය පසුබිම හැදුවා.ඒ වෙලාවේ භාරත හැරෙන්නට කිසි කෙනෙක් අපට ඒ අවස්ථාවේ එයට නායකත්වය දුන්නේ නැහැ.අපිට ඒ පැවති ආණ්ඩුව වෙනස් කරලා අලුත් ආණ්ඩුවක් හදන්න මූලික වුණේ ඒ අමාත්‍යාංශ 3ක් පවරා ගැනීමේ කාර්යය"
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ, සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එහිදී මෙසේ පැවසුවාය.
"මම එක දවසක් මෛත්‍රීපාල ඇමතිතුමා හම්බවුණු වෙලේ බොහෝ දේවල් අපි කතා කරගෙන ඉඳලා එතුමා කිව්වා තමන්ගේ විමුක්තිය තමන්ම සොයා ගත යුතුයි කියලා. මම ඒක උදේ හවස මගේ දරුවට කියනවා පුතේ මෛත්‍රී අංකල් කිව්ව දේ අපි උදේ හවස හිතේ තියාගෙන ඒ අනුව කටයුතු කරමු කියලා"
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මෙසේ පැවසුවාය.
"ඊයේ පෙරේදත් කට්ටිය ඇවිල්ලා කිව්වා ඇයි දැන් වැඩිය ටීවී එකේවත් පේන්න නැහැ. වැඩිය කතා කරන්නෙත් නැහැ. මොකද වෙලා තියෙන්නේ කියලා. නැහැ මේ වෙලාවේ මම පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. මේ කොලොම්තොට හිටපු සිංහයා තමයි මගේ තාත්තා. ඒ සිංහයාගේ දුව තමයි මම.ඒ සිංහයාගේ ලේ තමයි මගේ ඇඟේ දුවන්නේ. හැබැයි සිංහයා එක පාරක් තමන්ගේ අඩිය පිටිපස්සට දාන්නේ දහපාරක් ඉස්සරට ගිහිල්ලා ප්‍රහාර එල්ල කරන්න."






