රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් භික්‍ෂු පෙරමුණ සමඟ ඉකුත් සිකුරාදා (04දා) පැවැත් වූ සාකච්ඡාවේදී එකඟ වූ පරිදි ඔහු එජාප නායකත්වයෙන් ඉවත් වී නායකත්ව මණ්ඩලයක් පත්නොකළහොත් එම සාකච්ඡාවට අදාළ වීඩියෝ පටය ප්‍රසිද්ධියට පත්කරන බව එක්සත් භික්‍ෂු පෙරමුණේ ජාතික සංවිධායක උලපනේ සුමංගල හිමියෝ පවසති.
කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමතය මත නායකත්ව මණ්ඩලයට පස් දෙනෙක් පත් කළ යුතු බව එක්සත් භික්‍ෂු පෙරමුණ යෝජනා කළ විට එය විස්සක් දක්වා වැඩි කිරීමට වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියද උපරිමය නවය නොඉක්මවිය යුතු බව ඔහුට පැවැසූ බවද උන්වහන්සේ සඳහන් කරති. මේ නායකත්ව මණ්ඩලයට කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බව ඔහුට දැන්වූ බවද සුමංගල හිමියෝ පැවැසූහ.




.jpg)

