රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වයෙන් ඉවත් වන්නැයි බලකරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් විසින් දෙවිනුවරින් ආරම්භ කරන ලද සාමකාමී පාගමනට එජාප මන්ත්‍රි මංගල සමරවීර මහතා ප්‍රධාන ඔහුගේ සහචරයන් විසින් මැර ප්‍රහාරයක් එල්ල කරන ලද අවස්ථාවේ පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳව විශේෂ පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයාගේ නියමයෙන් ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් මාතරට යවා තිබේ.
පොලිස් මූලස්ථානයේ පරිපාලන කටයුතු භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මේ විශේෂ පොලිස් කණ්ඩායම ඊයේ උදේ මාතර ප්‍රදේශයට ගොස් පරීක්ෂණ ආරම්භ කෙළේය.
ගැටුම සිදුවූ අවස්ථාවේ පොලිසිය විසින් රාජකාරිමය වශයෙන් පැහැර හැරීම් සිදුවී ඇද්ද යන්න ගැන එම විශේෂ පොලිස් කණ්ඩායම විශේෂයෙන් සොයාබලනු ඇත.
ගැටුම සිදුවූ අවස්ථාවේ පොලිස් රාජකාරියේ යෙදී සිටි වගකිවයුතු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම එම පොලිස් කණ්ඩායම විසින් සිදුකරගෙන යන අතර ප්‍රශ්න කිරීමෙන් පසු ප්‍රකාශ සටහන් කරගන්නා බවද වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එම විමර්ශනයේදී අදාළ නිලධාරීන් විසින් රාජකාරි පැහැරහැරීමක් සිදුවී ඇති බව හෙළිවුවහොත් ඔවුන්ට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා බවද ඔහු පැවැසීය.
මේ අතර මේ ගැටුම සම්බන්ධයෙන් පෙරේදා පොලිස් අත්අඩංගුවට ගෙන මාතර අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට පත්කොට ඊයේ (7දා) වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි දෙපාර්ශ්වයේම සැකකරුවන් 25 දෙනා ඊයේ උදේ යළි මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් ලබන 14දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගතකොට ඇත.

මේ අතර මේ සිද්ධියට මුහුණ දුන් එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රි මෛත්‍රි ගුණරත්න මහතා සඳහන් කෙළේ සාමකාමීව දෙවුන්දරින් පා ගමන ආරම්භ කොට කිලෝමීටර් 04ක් පමණ එනවිට මාතර පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැමිණ මාතර බෝධිය අසල පිරිසක් පහරදීමට සූදානමේ සිටින නිසා පිරිස පරිස්සමෙන් යන ලෙස දන්වා සිටි බවයි. එවැනි අන්දමට සූදානමේ සිටින පිරිස ඉවත් කිරීමට නොහැකි නම් ඔහු දරන තනතුරේ වැඩක් නොමැති බව එම පොලිස් ස්ථානාධිපතිවරයාට පවසා සිටි බවද මෛත්‍රි ගුණරත්න මහතා පැවැසීය. තමාට සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ශිරාල් ලක්තිලක මහතාට ජීවිත තර්ජන එල්ල වී ඇති බව පැවැසූ මෛත්‍රි ගුණරත්න මහතා ඒ පිළිබඳව පොලිස්පතිවරයාට දන්වා සිටීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කෙළේය.