-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

‘ඒජන්සියේ ලොක්කා මගේ කොන්ඩෙන් ඇදගෙන ඇවිත් වරෙන් උඹව ලංකාවට යවන්න කියලා, ලිෆ්ට් ඒක ඇතුළට දැම්මා. ඒක ඇතුළෙදිත් පාරවල් හත-අටක් මගේ ඔළුවට ගැහුවා’ යයි ලෙබනනයේ ගෘහ සේවිකා රැකියාවට ගොස් දින නවයකින් ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණ, මීගමුව මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන පුත්තලම, කරුවලගස්වැව පදිංචි ශිරානි ජයසිංහ මහත්මිය තමා විදි දුක් ගැහැට පිළිබදව එසේ හෙළි කළාය.

ශිරානි ජයසිංහ මහත්මිය මෙසේද පැවසුවාය.

අනුරාධපුර නව බස් නැවතුම්පොළ අසල තියන උප රැකියා ඒජන්සියකින් මම පසුගිය 15 වැනිදා ලෙබනනයේ රැකියාවට ගියේ.

‘ලෙබනනයේ ඒජන්සිය මාව ගෙදරක වැඩට යැව්වා. ඒ ගෙදරදී මට හිසේ කැක්කුමක් හැදුණා. පැරසිටමෝල් වර්ගයක පෙති කාඞ් තුනක්ම ගත්තත් අඩු වුණෙත් නෑ. මට සුවයක් නොලැබුණු නිසා ගෙදරට ගිහින් දවස් පහකින් මාව ගෙනැවිත් ඒජන්සියට භාර දුන්නා.

එතැන හිටපු ලංකාවේ සිංහල කෙනෙක් මම කරන්නේ බොරුවක් කියලා මගේ යටි පතුල් ලයිටරයකින් පිච්චුවා. ඒජන්සියේ ලොක්කා අරාබි මිනිහෙක්. ඒ මිනිහා සැරින් සැරේ මගේ ඔළුවට වතුර වත් කරලා මට නොසෑහෙන්න ගැහුවා. ඇද ගෙන හිටිය තෙත ඇදුම් පිටින්ම මාව කාමරයකට දැම්මා. දවස් තුනක් ඒ කාමරේ හිර කරලා හිටියා.
හතර වැනි දවසේ උදේ ඒජන්සියේ ලොක්කා මාව කාමරෙන් එළියට අරගෙන අතින් පයින් හොදටම ගැහුවා.හැදි මිටක් වගේ ලී මිටකින් ඔළුවටයි, ඉගටියටයි ඇන්නා. එදාම දහවල් ඒජන්සිකාරයා ඇවිත් උඔව ලංකාවට යවන්න ටිකට් හැදුවා.හවසට යන්න ලෑස්ති වෙයන්කිව්වා. ඉන් පස්සේ ඒජන්සිකාරයාගේ ගෑනි ඉදා මේක කාපන් කියලා චොක්ලට් පාට ගුලියක් මට දුන්නා. මම කීවාමට කෑම අපි‍්‍රයයි කියලා. එතකොටම ඒ ගෑනි ඒ ගුලියෙන් මගේ මූණට ගැහුවා.

ඒජන්සිකාරයා සවස ඇවිත් වරෙන් උඹව ලංකාවට යවන්න කියලා මගේ කොණ්ඩෙන් ඇදගෙන ඇවිත් ලිෆ්ට් එක ඇතුළට දැම්මා. ඒක ඇතුළෙදිත් පාරවල් හත-අටක් මගේ ඔළුවට ගැහුවා. එයාපෝර්ට් යන්න මට වාහනයකට නගින්න කිව්වා. මට මගේ බෑග් එක උස්සගෙන එන්නවත් ශක්තියක් තිබුණේ නෑ. මම ඒක බිම දිගේ ඇදගෙන ඇවිත් වාහනය ඇතුළට දමන්න උත්සාහ කළා.ඒජන්සිකාරයා මගේ පිටිපස්සට පයින් ගැහුවා. මම විසිවෙලා ගිහින් වාහනය ඇතුළට වැටුණා.

මාව එයාර්පෝට් එක ළගින් බස්සලා ඒ මිනිහා ආපහු ගියා. ඒ ඉරිදා පාන්දර තුනට විතර. මුළු දවසක් පුරා කන්න බොන්න පවා නැතුව එයාර්පෝට් එකේ ඉදලා ලංකාවට එන ලංකාවට එන ප්ලේන් එකේ නැගලා ලංකාවට ආවා.
ගුවන් තොටුපළ විදේශ සේවා නියුක්ති කාර්යංශයට මම පැමිණිල්ලක් කළා. ඉන් පස්සේ කටුනායක සහන පියසට එක්ක ඇවිත් රෝහලට ගෙනාවා’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos