තමන් ටෙස්ට් කි‍්‍රකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළේ කිසිවෙකුගේ බලපෑමක් මත නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන් පවසයි.
ටෙස්ට් පිටියෙන් සමු ගන්නා බව නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු ඒ බව පවසා ඇත.
දිල්ෂාන් වැඩිදුරටත් පවසා ඇත්තේ, නවක ක්‍රීඩකයන්ට කණ්ඩයම තුළ වැඩි අවස්ථාවක ලබාදී ම තමන්ගේ මෙම තීරණයට ප්‍රධාන හේතුව වූ බව ය.
දිල්ෂාන් මේ වන විට ටෙස්ට් තරග 87කට ක්‍රීඩා කර තිබේ.
ඉනිම 145කදී ලකුණු 5492ක් ලබාගෙන ඇති දල්ෂාන් රැස්කර ඇති වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේ ලකුණු 193කි.
ටෙස්ට් ශතක 16ක් ලබාගෙන ඇති ඩිල්ශාන් අර්ධ ශතක 23ක් ද හිමිකම් කියයි.
ටෙස්ට් තරගවලදී කඩුලු 39ක් ලබාගැනීමට සමත්ව තිබේ.






