-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලබන නොවැම්බර් මාසයේ සති තුනකට ආසන්න කාලයක් තුළ කොළඹ නගරය ඇතුළු පිටස්තර ප්‍රදේශ කීපයක පෙළපාළි, උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම, බැනර් ප්‍රදර්ශනය කිරීම සහ කළුකොඩි දැමීම සපුරා තහනම් කෙරේ.

රජය මහජන ආරක්ෂක පනත යටතේ මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ ලබන නොවැම්බර් මස 15 දා කොළඹදී ඇරඹෙන ‍පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රටවල් 54කට අයත් රාජ්‍ය නායකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ට ආරක්ෂාව සැලසීමේ පියවරක් වශයෙන් යැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශක හරිගුප්තා රෝහණධීර මහතා  පැවැසීය.

ඒ අනුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, නෙළුම් ‍පොකුණ රඟහල, පාර්ලිමේන්තු සංකීර්ණය, හික්කඩුව, ගාල්ල, සීගිරිය, මහනුවර සහ හම්බන්තොට යන ප්‍රදේශ අයත්වන ‍පොලිස් බල කොට්ඨාසයන්හි අඛණ්ඩව මෙම සුවිශේෂ නීති රෙගුලාසි ක්‍රියාත්මක කෙරෙන අතර, එම ‍පොලිස් බලප්‍රදේශවලට පමණක් සීමාවන පරිදි ‍පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදා නිලධාරීන්ට පැවරෙන බලතලද වැඩිකර ඇත.

මෙම සුවිශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් 54ක රාජ්‍ය නායකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැලසීමේ අරමුණින් බවත් මීට පෙර අවසන්වරට ‍පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැති ඕස්ට්‍රේලියාවේ පවා මෙවැනිම සුවිශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කෙරුණු බවත් හරිගුප්තා රෝහණධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් එම සුවිශේෂ නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට හදිසි නීතිය යොදාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති අතර, මහජන ආරක්ෂක පනතට අයත් විධිවිධාන යටතේ එම නීති රෙගුලාසි ක්‍රියාත්මක කෙරෙන බවත් කී නීති උපදේශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රදේශවාසී ජනතාවට එමගින් සුළු අපහසුතාවයක් ඇතිවූවද සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එවැනි ආරක්ෂක පියවරක් ගැනීම නොවැළැක්විය හැකි බවය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos