ෆේස්බුක් සමාජ ජාලය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මෙරට ෆේස් බුක් වෙබ්අඩවිය සීමා කරනවාදැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජයට අවශ්‍ය නම් ෆේස්බුක් තහනම් කල හැකි බවත් එයට ක‍්‍රම ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පානදුර ශ‍්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමින් ඊයේ ප‍්‍රකාශ කලේය.






