-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පානීය ජලයට වස විෂ මුසුවීමේ සිදුවීමය අදාළ මෙන්ම ජනතා විරෝධය හේතුවෙන් තාවකාලිකව වසාදැමුණු වැලිවේරිය, නැදුන්ගමුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීමට බලධාරීන් විසින් තීරණය කර තිබේ.

ඊයේ ගම්පහ පොලිස් අධිකාරී විජිත කොමසාරු මහතාගේ කාර්යාලයේදී ගම්වාසීන්, ප්‍රදේශයේ ආගමික නායකයින් හා කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය එක්ව පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය විසින් මෙම තීරණය ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඒ අනුව මෙම කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීම සඳහා අවසර ලබා ගැනීමට අදාළ කළමනාකාරිත්වය විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට අද (11) මෝසමක් ඉදිරිපත් වී තිබේ.

එකී මෝසම සැලකිල්ලට ගනිමින් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා පවසා ඇත්තේ කර්මාන්ත ශාලාව වැසීමට හෝ විවෘත කිරීමට අදාළව අධිකරණය විසින් නියෝගයක් ලබාදී නොමැති බැවින් එය අධිකරණයට අදාළ නොවන බවයි.

ඒ අනුව කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීමට හෝ වැසීමට කටයුතු කිරීම ගැටුමට අදාළ පාර්ශව විසින් ඇතිකරගත් එකඟතාවන්ට හෝ ගිවිසුම් වලට අනුව සිදුකළ හැකි බව අධිකරණයේ නියෝගය විය.

ඊයේ දිනයේ ගම්වාසීන්,පූජක පක්ෂය හා කර්මාන්ත කළමනාකාරිත්වය අතර ඇතිවූ එකඟතාවය අනුව කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීමටත් මාස 6 ක කාලයකින් පසු එය මුළුමනින්ම ඉවත්කර ගැනීමට පියවර ගන්නා බවත් සඳහන්ය.

එසේම ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එකඟවූ කරුණු අනුව මේ මස 15 වන දිනට පෙර කර්මාන්ත ශාලාවේ එක් අංගණයක් ඉවත් කෙරෙන අතර වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ සමෘද්ධි ලාභී පවුල් 3000 ට පානීය ජල පහසුකම් සැපයීම කර්මාන්ත ශාලාවේ බලධාරීන් විසින් සිදුකිරීමට නියමිතය.

කර්මාන්ත ශාලව යළි විවෘත කිරීමෙන්මාස 6 ක අවෑමෙන් පසු එය මුළුමනින්ම ඉවත්කර ගැනීමට කටයුතු කරන බවට පාලනාධිකාරිය පොරොන්දු වී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos