-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොටි සංවිධානය ත්‍රස්ත සංවිධානයක් නොවෙන බවත් ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු නොව නායකයකු බවත් උතුරු පළාත් ද්‍රවිඩ ජාතික සංධාන මහ ඇමතිධූරාපේක්ෂක විග්නේෂ්වරන් මහතා පවසා තිබේ.
පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සම්මුඛ  සාකච්චාවකට එක්වෙමින් විග්නේෂ්වරන් මහතා මේ බව පැවසීය.

ප්‍රභාකරන් සිටින විට 13+ යනුවෙන් බලය වැඩිපුර දෙන්නට දකුණේ නායකයන් එකඟ වූයේ ඔහු එසේ නායකයකු වූ නිසා බව පවසන විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් සභාවට ඉඩම් පා පොලිස් බලතල අත්‍යවශ්‍ය බවත් එය නොදෙන්නේ නම් ඉන්පසු සිදුවන දේ බලාගත හැකි බවත් වැඩිදූරටත් පවසයි.

එහිදී අදහස් පළකරන ද්‍රවිඩ සංධාන මහ ඇමති අපේක්ෂකයා “එල්ටීටීඊය ත්‍රස්ත සංවිධානයක් කියල මම පිළිගන්නේ නෑ. ඔවුන් ප්‍රචණ්ඩත්වය යොදා ගත්තත් ඒකට බැඳිල හිටියේ උතුරේ දෙමළ මිනිස්සුන්ගේ ළමයි.මට එල්ටීටීඊයට ත්‍රස්තවාදීන් කියල කියන්න බෑ.ඔවුන් ත්‍රස්තවාදීන් කියල කවුද කියන්නේ? එක එක්කෙනා එක එක දේවල් කියනව. නමුත් අපිට ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන්න බෑ.” යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් අදහස් පළකරන විග්නේෂ්වරන් මහතා ”මම විතරක් නෙවෙයිඋතුරේ ජනතාව හිතන්නේත් ප්‍රභාකරන් වීරයෙක් කියල. ආණ්ඩුත් හිතන්නේ එහෙමනේ. එයා ඉන්න කොට 13 ++ දෙනව කියනව. එහෙම වෙන්නේ එයා නායකයෙක් නිසානේ. උතුරේ ගැටළුව විසඳන්න නම් ෆෙඩරල් බලතල ලාබා දෙන්න ඕන. ඉඩම් හා පොලිස් බලතල දැනටමත් නීත්‍යානුකූල අයිතියක්. කාටවත් කියන්න බෑ බලතල දෙන්න බෑ කියල. ආන්ඩුව එම බලතල නොදුන්නොත් අපි ඒ වෙලාවට බලමු” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

මීට ඉහතදීද පුවත්පත් සාකච්චාවකට එක්වෙමින් විග්නේෂ්වරන් මහතා එල්ටීටීඊ සාමාජිකයන් හඳුන්වා තිබුනේ ‘අපේ ළමයි’ යනුවෙනි.
- යටියන ප්‍රදීප් කුමාර

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos