නීති විරෝධීව රටින් පිට කිරීමට උත්සාහ කළ රන් බිස්කට් තුනක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. උපත් පාලන කොපු තුළ බහා ගුද මාර්ගයේ සඟවාගෙන රටින් පිට කිරීමට තැත් කළ රන්වල බර ග්‍රෑම් 621කි.
එහි වටිනාකම ලක්ෂ 30ක් පමණ වේ. මුම්බායි බලා යෑමට පැමිණි සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රන් බිස්කට් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇත.