-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දහ හතර වියැති පාසල් සිසුවියක පාසලේදී අපහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි වෙන්නප්පුව ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයා ඊයේ (2 දා) දහවල් නීතිඥයකු මාර්ගයෙන් භාර වූ බව වෙන්නප්පුව පොලිසිය කීය.

පසුගිය දෙවැනි පාසල් නිවාඩුව පැවැති අගෝස්තු මස 5 වැනි දින පාසල සුද්ද පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට පැමිණෙන ලෙසට කර තිබූ දැන්වීමක් අනුව එහි 9 වැනි වසරේ දැරියන් කිහිප දෙනකු ඒ සඳහා පැමිණ ඇත. එම දරුවන් පාසල සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතුවල නිරතව සිට ඇත.

එක් ගොඩනැඟිල්ලක උඩුමහලේ තනිවම ශ්‍රමදානයේ නියැළී සිටි 14 වියැති සිසුවියක විදුහල්පතිවරයා අල්ලා බලෙන්ම බදාගත් බැවින් එම සිසුවිය කෑ ගසා ඇත. එහිදී විදුහල්පතිවරයා පලාගිය අතර පසුව සිද්ධිය පොලිසියට පැමිණිලි කර තිබිණි.

පසුගිය දිනවල අතුරුදන්ව සිටි 53 හැවිරිදි විවාහකයකු වන විදුහල්පතිවරයා ඊයේ (2දා) දහවල් නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට භාරවී ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 345 වැනි වගන්තිය යටතේ සැකකාර විදුහල්පතිවරයා මාරාවිල අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව වෙන්නප්පුව පොලිසිය කියයි.
වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos