-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගියදා පාප්වහන්සේ විසින් ජෝදානයේ රානියා මුස්ලිම් කුමරියට හිස නවා ආචාර කරනු ලැබුවා.

බිලියන 1.2ක කතෝලිකයන්ගේ ආගමික නායකයා වන උන්වහන්සේ ආගන්තුකයන්ට ආචාර කිරීම සාමාන්‍ය දෙයක් වන නමුත් පාප් පදවිය අමතක කර දමා මෙලෙස කාන්තාවන්ට හිස නැමීම පිළිබඳව බොහෝ දෙනා උන්වහන්සේ දෝශදර්ශනයට ලක්කර තිබෙනවා.

ඇය සමඟ පැමිණි අබ්දුල්ලා රජුට එසේ හිස නොනමා කුමරියට පමණක් හිස නවා තිබෙන අතර මේ අයුරින් පුවත් ජස්ටින් බෙබර්, වික්ටෝරියා බෙකම් වැන්නවුන්ට ගැලපුනත් පාප්වහන්සේට නොගැලපෙන බවයි සඳහන් වෙන්නේ.

මෙය ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ප්‍රථම හැසිරීම නොවන බවයි වතිකානුවේ නියෝජිතයන් පවසන්නේ. පසුගිය මාර්තු මාසයේ පාප්වහන්සේව බැහැදැකීමට ආජන්ටිනාවේ ජනාධිපතිනිය වූ Cristina Kirchner පැමිණි අවස්ථාවේ උන්වහන්සේ විසින් ඇයගේ මුහුණ සිපගනු ලැබුවා. ඒ පාප් පදවියට කලින් දිනයේය.

පසුව ඇය මාධ්‍යයට පවසා තිබුනේ "මාව කවදාවත් පාප් කෙනෙක් කිස් කරලා නෑ" යනුවෙනි.

ඊට අමතරව පසුගිය ජූලි මාසයේ පාප්වහන්සේ බ්‍රසීලයේ සංචාරයක නිරතවූ අවස්ථාවේ මුණගැසුණු බ්‍රසීලයේ ප්‍රථම ජනාධිපතිනිය වන Dilma Rousseff ගේ කම්මුල් දෙකම උන්වහන්සේ සිපගනු ලැබුවා. එම ජායාරූප පහතින්
.
මේ අතර පාප්වහන්සේ සමඟ ආහාර ගැනීමට හැකිවූ ලංකාවේ තරුණයෙකු පිළිබඳව පසුගිය මාසයේ වාර්තා වුණා. Jenukshan Colombas නම්වූ ඔහු වවුනියාවේ දෙමළ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද 20 හැවිරිදි තරුණයෙකි. 

පසුගිය ජූලි මාසයේ බ්‍රසීලයේ පැවති ලෝක තරුණ දිනය වෙනුවෙන් ආසියාව නියෝජනය කරමින් ඔහු පිටත්ව ගොස් ඇති අතර එහිදී පාප්වහන්සේ සමඟ ආහාර ගැනීමට තෝරාගත් 12 දෙනා අතරට ඔහුද ඇතුලත් වුණා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos