-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ආණ්ඩුවේ බල මහිමයෙන් මෙතෙක් කල් වැජඹුණු මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ වනවිට අන්ත අසරණ තත්වයකට පත්වී ඇත. එයට හේතුව වන්නේ රාජපක්ෂවරුන් වෙනුවෙන් දිවි දීමට සුදානම් වූ මර්වින්ම රාජ උදහසට ලක්වීම හේතුවෙනි.

මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඔඩෙල් වෙළඳ සැලේ රථ ගාල තුලදී ප්‍රහාරයක් එල්ලවීම සමගය. ප්‍රහාරයට පැමිණ තිබුනේ ආරක්ෂක අංශ වලට අයත් වාහනයකි.

පහර දුන් අය සෙවීමට පොලීසි තමාට අවශ්‍යය නෑ කියූ මර්වින්ට අද ඒ පිලිබඳ හෝඩුවාවක් වත් සොයාගැනීමට නොහැකිව ඇත. පොලිස් පරීක්ෂණ ද මේවනවිට යටගොසිනි. එම ප්‍රහාරය මර්වින්ම දන්නා පරිදි තමන් දිවි දීමට සුදානම් වූ පාර්ශවයේම පුත්‍රයෙකුගේ බලපෑමක් මත එල්ල වුවක් බවට මේවනවිට තොරතුරු හෙළිවී තිබේ. මර්වින්ද පසුගිය කාලේ තම හිතවතුන්ට පවසා තිබුනේ එවන් කතාවකි.

තිරයෙන් පිටුපස මර්වින් අසරණ වුවත් මයිකෆෝනය ඉදිරිපිට ඔහුගේ සුපුරුදු අහංකාරකම පවත්වාගැනීමට මර්වින්ට මේ මොහොත වන විටත් හැකියාව ලැබී ඇත.

රාජ උදහසට ලක්වූ මර්වින් පසුගියදා කියා සිටියේ රාජපක්ෂවරුන්ට තමා එපා වුවත් මැරුණත් විපක්ෂයට නොයන බවය. එසේ වුවහොත් තමා ගෙදර යන බවද මාධ්‍යයට පවසා තිබුණි. ඇතිවී තිබෙන තත්වය අනුව මර්වින්ට දැන් ගෙදරද සිටිය නොහැක. මන්දයත් බුද්ධි අංශ නිලධාරින් මර්වින් හා මාලක පසුපස පන්නන හෙයිනි.

ගෙදර සිටීමට බැරි මර්වින් ඇමරිකාව බලා යාමට සිය පුතු සමගින් වීසා ඉල්ලීමක් කලද එයද පසුගියදා ප්‍රතික්ෂේප වුනි.

අවසානයේ මර්වින් ට සිදුවුයේ විපක්ෂයේ ආරක්ෂාව පැතීමය. ඒ අනුව විපක්ෂයේ ප්‍රභල මන්ත්‍රීවරයෙකුට පසුගියදා දුරකතනයෙන් ඇමතුමක් ලබාදුන් මර්වින් ඔහු මුහුණදුන් ඉරණම එකින් එක විස්තරකොට ඇත. පැයකට ආසන්න කාලයක් මර්වින් එම ඇමතිවරයා සමග සංවාදයේ යෙදී ඇත. එහිදී දෙදෙනා අතර යම් යම් එකඟතාද සිදුවී ඇත. පසුගියදා සිංගප්පුරුවේදී ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සමග මර්වින් රහස් හමුවක් යොදාගෙන තිබුණි.

මේ සියල්ල අතර විපක්ෂයේ අරමුණ වන්නේ 2014 සඳහා අයවැය ඉදිරිපත්වන මෝහතේදී මර්වින් හරහා තීරණාත්මක තීන්දුවක් ලබාදීමටය. එය දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වූ මොහොත මෙන් උණුසුම් විය හැක.

අනෙක් පැත්තෙන් පක්ෂ මාරුව මර්වින්ට අලුත් දෙයක් නොවේ. වර්තමානයේ ජනපති වර්ණනා කරන අයුරින් ඔහු එකල විපක්ෂ නායකවරයා වර්ණනා කළේය.

මේ අතර පසුගියදා මර්වින් හා සෝභිත හිමියන් අතර රහස් හමුවක් පැවති අතර එම රහස් හමුව ජනපතිවරයාට රහසක් නොවුයේ අප කලින් සඳහන් කලාක් මෙන් බුද්ධි අංශයේ සාමාජිකයන් මර්වින් සිල්වා පසුපස ලුහුබැඳ තිබු හෙයිනි.

ඒ අනුව සෝභිත හිමියන් හමුවී අවසාන වනවාත් සමග ජනපතිවරයා ගෙන් මර්වින්ට දුරකථන ඇමතුමක් ලැබී තිබුණු අතර ජනපතිවරයා මර්වින්ට සිනාමුසු කටහඩින් පැවසු වදන්වල අරුත වුයේ "මර්වින්ගේ ගමන ගැන ජනපති දන්නවා" යන අදහසකි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos