-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගලේවෙල කිරලගොල්ල ප්‍රදේශයේ කටුමැටි ගැසූ නිවෙසකට ඊයේ (21දා) අලුයම ඇතුළු වූ අයකු නිදි පැදුරේ සිටි කුඩා දරුවන් දෙදෙනකුට හා ඔවුන්ගේ මවට හා මිත්තණියට පෙට්රල් වත්කර ගිනි තබා පලාගොස් තිබේ.

මෙම ගිනි තැබීම මෙම කාන්තාව සමඟ දැනට ජීවත්වන තැනැත්තා විසින් කරනු ලබන්නට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම කාන්තාව සහ දරු දෙදෙනා පළමු සැමියා විසින් අතහැර දමා ගොස් ඇති අතර පසුව සැකකරු සමඟ ගලකිරියාගම ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන සිය දරු දෙදෙනා හා මවත් සමඟ ජීවත්ව සිටියදී ඇතිවූ අමනාපයක් නිසා මෙම කාන්තාව දරු දෙදෙනා හා මව සමඟ සිය නැඟනිය පදිංචි කිරලගොල්ලේ පිහිටි නිවෙසට මීට සතියකට පෙර පැමිණ ඇත.

සැකකරු එම නිවෙසට අවස්ථා කීපයකදී පැමිණ තමා සමඟ පැමිණෙන ලෙස ඇවිටිලි කළත් එම ඉල්ලීම් ඇය ප්‍රතික්ෂේප කර ඇත. ඊයේ අලුයම 1.30ට පමණ සැකකරු පෙට්රල් බෝතලයක් රැගෙන ජනේලයකින් නිවෙස තුළට පැමිණ ගිනිතබා ඇති බව පොලිසිය පවසයි.
ගලේවෙල පොලිස් ස්ථානාධිපති රුක්ෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos