-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය 17 වැනි දින  සිට රම්බොඩගල්ල සිරිසාගල පුරාණ රාජමහා විහාරය ආශ‍්‍රිත භූමී පෙදෙස පුරා දින තුනක කාලයක් හෙලිකොප්ටර් යානයක් අහසේ සැරිසැරීම ප‍්‍රදේශවාසී ජනතාවගේ සැකයට හේතු වී තිබේ.

පළමුවෙන්ම පසුගිය 17 වැනි දින එම ප‍්‍රදේශයට පැමිණ ඇති හෙලිකොප්ටර් යානය, ඉන්පසුව පසුගිය 18 සහ 19 යන දිනවලදීද නැවත පැමිණ ඇත.

සිරිසාගල රාජමහා විහාරාධිපති රම්බොඩගල්ලේ තිලකවංශ හිමියන් පැවසුවේ, තම විහාර භූමිය ඉලක්ක කරගෙනම එම හෙලිකොප්ටරය අහසේ ගැවසුණු බවයි. 19 දින පෙරවරුවේ පැය භාගයකට අධික කාලයක් අහසේ සැරිසැරූ මෙම හෙලිකොප්ටරයේ සිට දිගු කම්බියකට සවිකළ විශාල දැලක සවිකෙරුණු කැමරාවක් වැනි උපකරණයක් දක්නට ලැබුණු බවත්, ඊට අමතරව එම දැලට කම්බි කූරු වැනි යමක් සවිකර තිබෙනු දුටු බවද තිලකවංශ හිමියෝ පැවසූහ.

ඉපැරණි ඉතිහාසයක් සහිත රාජමහා විහාරයේ පවතින බවට සැකකෙරෙන නිධන් වස්තු සොයා බැලීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙසේ ක‍්‍රියාකරන බවට ප‍්‍රදේශවාසීන්ට සහ තමන්ට සැකයක් පවතින බවද තිලකවංශ හිමියෝ අවධාරණය කළහ.

තමන් මේ පිළිබඳව රිදිගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව එහි පොලිස් නිලධාරින්  පිරිසක් පැමිණ සොයාබැලීමක් කළද, ඔවුන්ටද මේ සිදුවීම පිළිබඳව කිසිවක් සොයාගැනීමට නොහැකි වී ඇති බවද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

මෙය රජයට හෝ පෞද්ගලික ආයතනයකට සම්බන්ධ ආයතනයක් විසින් සිදුකළ බවට ස්ථිරවම කරුණු තවමත් අනාවරණය කරගත නොහැකි වු බව පෙන්වා දෙන තිලකවංශ හිමියෝ, මෙවැනි දෙයක් කිරීමට පෙර තමන් දැනුවත් කළ යුතුව තිබු බවද ප‍්‍රකාශ කළහ.

මේ පිළිබඳව කළ විමසීමකදී රිදීගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ එච්.එම්.එම්. ජයතිලක මහතා පැවසුවේ, ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කරන හෙලිකොප්ටර් යානාවක් මෙසේ පුහුණූ වීම් කටයුතු සිදුකර ඇති බවට කරුණූ අනාවරණය වු බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos