හිමිනමක් හා රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයකු රත්නපුර නව නගරයට යාබදව පිහිටි කැටලියම්පල්ල ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
එම නිවසක් කඩා රන් ආභරණ සහ මුදල් ඇතුළු රුපියල් 5,81,000 ක් මංකොල්ලකෑමක් සිදුකරන ලදැයි රත්නපුර පොලීසියට ලැබුණ පැමිණිල්ල මත වහාම කි‍්‍රයාත්මක වූ රත්නපුර පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් රත්නපුර පොලීසියේ නිල සුනඛ ‘ගානා’ යොදා පරීක්ෂා කිරීමේදී මංකොල්ලකරුවන් විසින් නිවසේ අල්මාරියේ දොර විවෘත කිරීමට යොදා ගත් පිහිය හමු වී ඇත.
එම පිහියේ ඉව ඔස්සේ ගිය 'ගානා' මංකොල්ලකෑමට ලක් වූ නිවසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි හිමිනමගේ නිවසට ගොස් ඇත.
එම නිවසේ සිටි හිමිනම අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සොරාගන්නා ලද මුදල් වලින් කොටසක් (රුපියල් 28,150ක්) හිමිනමගේ ඉනේ ඇදුම් වල සගවාගෙන තිබියදී සොයා ගෙන තිබේ.