විවිධ යන්ත්‍ර මන්ත්රවලට අවශ්‍ය දෑ සෙවීමට රාත්‍රියේ නිරුවතින් ගමන් කළ යකැදුරකු මිරිස් හේනක මියගොස් සිටියදී හමුවී තිබේ.
යකදුරාගෙ මරණයට හේතුව හෘදයාබාධයක් බව වෛද්‍ය පරික්ෂණයෙන් තහවුරු වී ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි. නවගත්තේගම, ගාමිණිපුර පදිංචි යකදුරකු වන මොහු 74 හැවිරිදි හිටිහාමිලාගේ කිරිහාමිලාගේ ජිනදාස නමැත්තෙකි.
ඔහුගේ නිවසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි මිරිස් හේනක තිබී ඔහුගේ මළ සිරුර හමුවී ඇත. මළ සිරුර හමුවන විට ඔහු නිර්වස්ත්‍රව සිට ඇත. විවිධ යන්ත්‍ර මන්ත්රවලට අවශ්‍ය දෑ සෙවීමට මහ ? නිර්වස්ත්රයෙන් ගමන් කිරීම මෙම යකැදුරා සිරිතක් කරගෙන සිටි බවට තොරතුරු හෙලිවී ඇත.