විශාල වශයෙන් අපරාධ පැතිර යාම මැඬලීමේ ප්රයත්නයක් ලෙස බ්රසීලයේ බ්රසීලියා අගනගරය ඇතුළත් ෆෙඩරල් දිස්ත්රික්කයේ සෙල්ලම් තුවක්කු විකිණීම තහනම් කර තිබේ.
ඒ සමගම දැනට ළමුන් සතුව තිබෙන සෙල්ලම් තුවක්කු ආපසු දී ඒ වෙනුවට පොතක් ලබා ගන්නා ලෙස ළමයින්ගෙන් ද ඉල්ලීමක් කෙරී තිබේ.
තවද සෙල්ලම් තුවක්කු තොග පවත්නා කඩ සාප්පුවලට ඒවා ඉවත් කිරීමට සිවුමසක අවසන් කාල සීමාවක් ලබා දෙමින් ඔවුනට සිදුවන පාඩුව මකා ගැනීමට දිරි දීමනාවක් ලබා දෙන බව ද පැවසී තිබේ.
සෙල්ලම් තුවක්කු නිෂ්පාදනය හා විකිණීම තහනම් කිරීම ප්රචණ්ඩත්ව වින්දිතයන් ආරක්ෂා කර ගැනීමේ රජයේ වැඩ පිළිවෙළක කොටසක් ලෙස ක්රියාත්මක වන්නකි.