ටෙලි නිර්මාණකරුවන් ආරක්ෂා කිරීමට සහ ප්‍රේක්ෂකයින්ට විවිධත්වයෙන් යුත් උසස් වින්දනයක් ලබාදීමට ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශය ටෙලිනාට්‍ය සඳහාම වෙන්වූ රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට සූදානමින් සිටී.
ටෙලි නිර්මාණවේදීන්ගේ සංගමය සමග මෙරට ටෙලිනාට්‍ය විකාශනය කිරීමේදී ටෙලි නිර්මාණකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදී ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් වෙනම නාලිකාවක අවශ්‍යතාව පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.