සූර්ය ශක්තියෙන් ක්‍රියා කරනා ලොව විශාලටම බෝට්ටුව ඊයේ අත්ලාන්තික් සාගරය හරහා ගොස් ගිනස් වාතාවක් තැබුවා.
ඒ ඇමරිකාවේ ෆ්ලොරීඩා හි සිට දින 22ක් තුල අත්ලාන්තික් සාගරය පසුකර එංගලන්තයට පැමිණීමෙන්. මීට පෙර මෙම වාර්තාව තිබුනේ දින 26ක්.
මෙය සතුව සූර්ය පැනල 809ක් තිබෙන එමඟින් ආවරණය වන ප්‍රදේශය වර්ග මීටර් 512ක්. උත්පාදිත ශක්තිය කිලෝ වොට් පැය 480ක්.
අත්ලාන්තික් සාගරය හරහා ඇදී යන ගල්ෆ් දියවැල් නිසා සිදුවන දේශගුණුක බලපෑම පිළිබඬව සොයාබැලීම මෙහි අරමුණ වී තිබුණා. ඒ අනුව එහි භෞතික හා ජීවවිද්‍යාත්මක දත්ත එක් රැස් කිරීම මෙමඟින් සිදුවූ අතර ඒ සඳහා අවශ්‍ය නවීන උපකරණ වලින් මෙය සමන්විත වුණා.
මේ වන විට බ්‍රිතාන්‍යයේ නවතා ඇති Tûranor PlanetSolar නම් වූ මෙය හෙට දිනයේ පැරිස් බලා පිටත්වීමට නියමිතයි