මගීන් අපහසුතාවට පත් කරමින් කතා කිරීම හා බැණවැදීම කිරීම, අසංවර ලෙස හැසිරීම, අසභ්‍ය ලෙස කතා කිරීම, කොට කොට යාම, බස් ටීවි කරදරය, ටිකට් නොදීම,වැඩියෙන් අය කිරීම හා ඉතුරු මුදල් නොදීම ඇතුළු පෞද්ගලික බස් රථවල ගමන් කිරීමේදී එහි රියදුරන් හා කොන්දොස්තර වරුන්ගෙන් සිදුවන ගැහැට හා බැණවැදීම් පිළිබදව වහාම මාර්ගස්ථ අධිකාරියට දන්වන ලෙස බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රම්මණ්ඩල මහතා ඉල්ලා සිටී.
ඒ වෙනුවෙන්ම විවෘත කර ඇති අංක 0112559595 ට කථාකර කරනු ලබන පැමිණිලි වලට එවලේම විසදීමට කටයුතු කිරීමට නිලධාරීන් පත්කර ඇති බවද රම්මණ්ඩල මහතා පවසයි. ළගදී විවෘත කර ඇති මෙම දුරකථන අංකයට දිනපතාම පැමිණිලි ලැබීමටද පටන්ගෙන ඇත.