නුවරඑළිය කඳපොළ නගරාසන්නයේ පාසලක 14 හැවිරිදි සිසුවියක් එම පාසලේ ගුරුවරයෙකු නිසා ගැබ් ගැනීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේවන විට අදාළ සිසුවියගේ ගැබට මාස 4ක් පමණ වන බව පැවසෙන අතර එම ගුරුවරයා එම සිසුවිය විවාහ කර ගැනීමට කැමති බව ඔහු සිය මව්පියන් මාර්ගයෙන් අදාළ සිසුවියගේ පවුලේ අයට දැනුම්දී ඇත.
කෙසේ වුවද අදාළ සිසුවියගේ වයස සැලකිල්ලට ගැනීමේදී විවාහයකට ඉඩදිය නොහැකි බවද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසට අදාළ විද්‍යාලයේ ආදි සිසුන් කඳපොල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කඳපොල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ ගුරුවරයා 25 හැවිරිදි අයෙකු බවද හෙළි වී ඇත.
මේ අතර මාතලේ රත්තොට ප්‍රදේශයේ නිවසක 18 හැවිරිදි තරුණියක් අද ගෙල වැලලාගෙන මියගොස් ඇති අතර ඊට හේතුව අනාවරණය වී නැත.