අධිවේගී මාර්ගයේ ගැලනිගම 23.1 කණුව අසලදී වාහනයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් කළ 9 දෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
වාහනය ලිස්සාගොස් මීටර් ගණනාවක් ඉදිරියට ඇදී ගොස් කාණුවකට වැටී ඇති බව පොලීසිය කියයි.
අද පස්වරු 4.30ට පමණ එම අනතුර සිදුව ඇති අතර පින්නදූවේ සිට කොට්ටාව දෙසට ධාවනය වූ එම වාහනයේ ළමුන් දෙදෙනෙක්, කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් සිට ඇත.
මේ අතර එම අනතුරින් තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි කුඩා ළමයෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.