-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය මාසයට අයත් පන්ති ගාස්‌තු නොගෙවීම මුල්කරගත් සිද්ධියක්‌ හේතුවෙන් එම ටියුෂන් පන්තිය භාර ගුරුවරයා සහ ඔහුගේ බිරිය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් තුවාල ලබා වැලිගම දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩබ්. පී. ඩයන් කල්හාර (16) ශිෂ්‍යයා දින කීපයකට පසුව නැවතත් ඊයේ (24 දා) පාසල් ගමන ආරම්භ කළේය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ප්‍රහාරයට ලක්‌වූ සිසුවා වන ඩබ්. පී. ඩයන් කල්හාර (16) පැවැසුවේ තමා මව සහ අසල්වැසි කාන්තාවක්‌ සමඟ අසල විහාරස්‌ථානයට යමින් සිටියදී මව හඳුන්කූරු ගැනීම සඳහා අසල කඩයකට ගොඩ වූ අවස්‌ථාවේ තමා එම ටියුෂන් පන්තියේ කාර්යාලයට ගොස්‌ තමාට එම ටියුෂන් පන්ති ඒමට එපා යෑයි පණිවුඩයක්‌ එව්වේ මන්දැයි එම පන්තිය භාර ගුරුවරයාගේ බිරිය වන ටියුෂන් පන්ති පාලිකාවගෙන් විමසූ අවස්‌ථාවේ දුරකථනය එක්‌ කණක රඳවාගෙන පොල්ලක්‌ අතැතිව ආ ගුරුවරයා ඔහුගේ බිරියද සමඟ එක්‌වී තමාට පහර දුන් බවත් අවසානයේ තම මව සහ පිරිස ලේ ගලන නලලින් යුතු තමා රෝහල් ගත කළ බවත් පැවැසීය.

ඉන්පසුව අදහස්‌ දැක්‌වූ එම දරුවාගේ පියා වන ඩබ්. පී. සමන්ත (46) මහතා පැවැසුවේ තමා රිය අනතුරකට ලක්‌ව පාදයේ පහළ කොටස කපා දමා අබාධිත තත්ත්වයෙන් පසුවන බවත් දින දෙකක්‌ රෝහල්ගතව සිට තම දරුවා ටිකට්‌ කපා නිවසට පැමිණි පසු (24 දා) පාසල් යැම අරඹන බවත්ය.

ඉන්පසු අදහස්‌ දැක්‌වූ ඩයන් කල්හාර සිසුවාගේ මව කේ. අයි. පද්මලතා (46) පැවසුවේ දිගින් දිගටම නඩු කීමට තමන්හට වත්කමක්‌ නොමැති බවත් එම ටියුෂන් පන්තියේම දරුවන්ට දයා ගුණයෙන් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන් බහුතරයට මෙම සිද්ධියෙන් වන අපහසුව ගැන කනගාටු වන බවත්ය. ගුරුවරයකුගේ පහර කෑමෙන් හෝ තම දරුවාගේ නම පොලිස්‌ පොතේ ලියන්නට සිදුවීම තමාට බරපතළ කම්පනයක්‌ බවත් ඇය කීවාය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos