-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බිරිඳට ඇති බිය නිසා තමන් දීර්ඝ කාලයක් පුරුදුව සිටි දුම්පානය නතර කළ බව ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසා ඇත. එක්සත් ජාතීන්ගේ නිලධාරියකු සමඟ කවටකමක් ලෙස ඔහු මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට පැමිණෙන අතරතුරදීය.

එහෙත් ඒ මොහොතේ තමා වෙත කැමරා එල්ල වී ඇති බව ඔහු දැනගෙන සිටියේ නැත.

වසර 6කින් තමන් එකම සිගරැට්ටුවක්වත් පානය කළේ නැතැයි කී ඔබාමා ‘මේකට හේතුව මම නෝනට බය නිස’ යැයි සිනාසෙමින් කීවේය.

එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියාකාරි මියානා කියායි සමඟ සුහද පිළිසඳරක ඔබාමා යෙදී සිටින විට එතැන තිබූ මයික්‍රෆෝන විවෘතව තිබූ අතර ඒ මොහොතේම එය සජීවීව ලොව පුරා විකාශය විය.

දුම්පානය නතර කර ගැනීමට ඔබාමා දීර්ඝ කාලයක් දැඩි සටනක නිරත වූවෙක් වන අතර 2011දී ඔහුගේ බිරිය මිෂෙල් පැවැසුවේ තම සැමියා නරක පුරුද්දෙන් සදහටම මිදුණු බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos